Trending News

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සෑදීමට පෙර මහා සංඝරත්නයේ අදහස් සහ යෝජනා ලබා ගැනීමට සුදානම් – ජනපති

(උදයම්,මහනුවර)   –  නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබද දළ කෙටුම්පතක් හෝ සම්පාදනය කරන්නේනම් ඒ පිළිබදව ගරුතර මහා සංඝරත්නය දැනුවත් කරමින් උන්වහන්සේලාගේ ද අදහස් සහ යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මහා නායක මාහිමිපාණන් වහන්සේලා ප‍්‍රමුඛ මහා සංඝරත්නය සමග ඊයේ(06) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකදීය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබද කිසිදු අවසන් ලියවිල්ලක් මෙතෙක් සකස් කර නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබද සංවාදයක් අද රට තුළ මතුව තිබුණ ද, රජය එවැන්නක් කෙටුම්පත් කරන්නේනම් එය රටේ අනාගතය සහ ස්ථාවරත්වය පිළිබද ගැඹුරින් අධ්‍යයනය කරමින් සිදුකරන්නක් බව ද සදහන් කළේය.

රටේ දේශපාලන, සමාජ, ආර්ථික හා ආගමික කරුණු රැසක් පිළිබදව ද මෙම හමුවේදී මහා සංඝරත්නය සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ අතර ඊට අදාළ යෝජනාවලියක් ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සාකච්ඡුාවට සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශී‍්‍ර සුමංගල මහා නා හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රි ඥානරතන මහා නා හිමියන්, රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන් ප‍්‍රමුඛ අනු නා හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය විශාල පිරිසක් වැඩම කර සිටියහ.

අධිකරණ සහ බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක යන මහත්ම මහත්මීන් ද මීට සහභාගී වූහ.

Related posts

Muslim MPs meeting underway with Ven. Chief Prelates of the Asgiriya & Malwatte Chapters – [IMAGES]

Mohamed Dilsad

Royals make emotional visit to Grenfell Tower fire survivors

Mohamed Dilsad

අයහපත් කාලගුණය හේතුවෙන් අත්හිටවූ උසස් පෙළ විභාගය පවත්වනවා ද නැත්ද තීරණය 29 වෙනිදා

Editor O

Leave a Comment