ප්‍රමුඛ පුවත 1

නැවත පදිංචි මුලතිව් වැසියන්ට යුද හමුදාවෙන් ලේ දන් දෙයි

(උදයම්,මුලතිව්)  –  යුද්දෙන් පසුව මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාව වෙනුවෙන් මුලතිව් රෝහලේ පැවති ලේ අවශ්‍යතාවයට පිළියමක් වශයෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩී.පී.ප්‍රනාන්දු මහතාගේ පූර්ණ උපදෙස් හා අධීක්ෂණයන් පරිදි 59, 64 , 68 යන සේනාංකයන්හි සෙබලුන්ගේ දායකත්වයෙන් මුලතිව් මහරෝහල් ලේ බැංකු මධ්‍යස්ථානයේදී සංවිධානය කර ඇත.

මුලතිව් මහරෝහල් ලේ බැංකුවේ රජිත විජේවර්ධන වෛද්‍ය තුමන්ගේ ඉල්ලීම පරිදි මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති තුමන් විසින් මෙම ලේ දන් දීමේ වැඩසටහන මෙහෙයවා ඇත.

මුලතිව් දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි ජනතාවගේ හදීසි ලේ අවශ්‍යතාවයන් වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් මෙවැනි වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් මුලතිව් මහ රෝහල විසින් අගය කොට ඇති අතර ලේ දන් දීමේ වැඩසටහන් අවස්ථාවට සෙබලු 400 කට ආසන්න පිරිසක් සහභාගී වුහ.

Related posts

පුල්වාමා හා බලාකොට් ඉන්දියානු ප්‍රහාරය ගැන විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්..

Mohamed Dilsad

පරිසරය විනාශ කරන්නේ දේශපාලන පිරිස් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් – ජනපති

Mohamed Dilsad

මධුමාධව ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment