ප්‍රමුඛ පුවත 1

අතහැර දමා ඇති ඉඩම්වලින් අද සිට බද්දක් අය කිරීමට

(උදයම්,කොළඹ)   –  සංවර්ධනය නොකර අතහැර දමා ඇති ඉඩම්වලින් අද සිට බද්දක් අයකිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන්  බස්නාහිර පළාතේ පළාත්පාලන ආයතනවලට උපදෙස් ලබාදුන් බව පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

මේ වනවිට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව ඉඩමේ වටිනාකමින් සියයට 2 ක උපරිමයකට යටත්ව බද්දක් අය කෙරෙන බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වනවිටත් අතහැර දමා ඇති ඉඩම්වල ඩෙංගු ව්‍යාප්තිය සිදුවන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇත.

Related posts

රත්‍රන් බිස්කට් තොගයක් සමඟ ආගමන නිලධාරියෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නත්තල් සමරන කතොලිකයන්ට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගෙන් ආශීර්වාද [VIDEO]

Mohamed Dilsad

TNA සහ TPA අතර සාකච්ඡා

Mohamed Dilsad

Leave a Comment