ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා බංග්ලාදේශය බලා පිටිත්විමට සුදානම්

(උදයම්,කොළඹ)   –   රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මස 13 වනදා බංග්ලාදේශය බලා පිටිත්විමට නියමිතය.

ජනාධිපති ධුරයට පත්විමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බංග්ලාදේශයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

දෙදිනක් එරට  රැදී සිටින ජනාධිපතිවරයා එහිදී බංග්ලාදේශ අග්‍රමාත්‍ය ශෙයික් හසීනා මහත්මිය මුණගැසී සාකච්ඡා කරණු ඇත.

ජනාධිපතිවරයා බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මුණගැසී සාකච්ඡා කිරිමට නියමිතය.

මීට අමතරව මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.

Related posts

අවුරුද්දට ගම් බිම් බලා යන්න විශේෂ බස් රථ සහ දුම්රිය සේවා අදත්

Mohamed Dilsad

දිස්ත්‍රික්ක 7කට නායයාම් අනතුරු අඟවයි

Mohamed Dilsad

කඩු සොයා ගැනීමේ සිද්ධියට සම්බන්ධ කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment