ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් පළමු කොඩිය ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට

(උදයම්,කොළඹ)  –  ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් පළමු කොඩිය අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැළඳවීමට ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය කටයුතු යොදා තිබේ.

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට කොඩි පැළඳවීමෙන් පසු අද සිට පුරා මාසයක් වැඩිහිටි කොඩි මාසය ක්‍රියාත්මක වන අතර දිවයිනපුරා පිහිටි වැඩිහිටි සංවිධාන වල නියෝජිතයින් අද සිට එම කොඩි මහජනතාවට අළෙවි කිරීමට නියමිතය.

මෙම කොඩි විකිණීමෙන් ලැබෙන ආදායමෙන් කොටසක් කොඩි විකුණන අදාල වැඩිහිටි සංවිධාන ආර්ථික වශයෙන් සවි බල ගැන්වීමටත්, සෙසු ආදායම් වැඩිහිටි ප්‍රාදේශීය බල මණ්ඩල වලටත්, ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් පවත්වාගෙන වැඩිහිටි ආරක්ෂණ අරමුදලටත් බැර කරන බව සමාජ සවි බල ගැන්වීම් , සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා පවසයි.

2017.07.11 සිට 2017.08.10 දක්වා ක්‍රියාත්මක ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් කොඩි අලෙවිය මගින් මෙවර රුපියල් මිලියන 06 ක ආදායමක් බලාපොරොත්තු වන බවත්, පසුගිය වසරේ කොඩි අලෙවියෙන් රුපියල් මිලියන   05 ක ආදායමක්  ලැබුනු බවත් පවසන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100ක් වැඩිහිටි ආරක්ෂණ අරමුදලට බැර කිරීම මගින් ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුන දීමට නියමිත වැඩිහිටි ජනගහනය  වැඩිවීමේ අර්බුධයට පිළියම් ලෙස නව වැඩිහිටි නිවාස ඉදිකිරීම අරඹන බවද සඳහන් කරයි .

වර්ෂ 2030 වනවිට මෙරට ජනගහනයෙන් 25%ක් වැඩිහිටියන් වීමත් ඔවුන් මෙරට ජාතික ආර්ථික සංවර්ධනයේ කොටස් කරුවන් කර ගැනීමත් ඉදිරියේදී ශ්‍රීලංකාව මුහුන දෙන ප්‍රධාන අභියෝගයක් බව  අමාත්‍ය එස්.බී.දිසානායක මහතා ප්‍රකාශ කරයි.

Related posts

අමිත් වීරසිංහ ඇතුළු 34 දෙනා යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

ප්‍රහාරය ගැන සොයන්න පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වර්ජනය කරයි

Mohamed Dilsad

පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේදී නීතිය ක්‍රියාත්මක කළයුතු ආකාරය පිළිබඳව නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment