විදෙස්

යේමනය තුළ කොළරාව හිස ඔසවයි

(උදයම්,යේමනය)   –  යේමනයේ කොළරා රෝගීන්ගේ සංඛ්‍යාව පසුගිය සති කිහිපය තුළ ලක්ෂ 3 කට ආසන්නවී තිබේ.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පැවසුවේ සිවිල් යුද්ධයකට මැදිවී සිටින යේමනයේ ජනතාව තුල පසුගිය සති 10 තුළ මෙලෙස කොළරා රෝගීන් සංඛ්‍යාව වැඩිවී ඇත.

දිනකට නව රෝගීන් 7000ක් පමණ වාර්තා වන අතර එය පාලනය කිරීම අසීරු වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ජගත් සංවිධාන වාර්තාවලට අනුව යේමනයේ කොළරා රෝගීන් 1700කට වැඩි පිරිසක් මිය ගොස් තිබේ

සිවිල් යුද්ධය හේතුවෙන් එරට මිලියන 14.5ක් පමණ ජනතාවට පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂක පහසුකම් නොලැබෙන බවද ජගත් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Related posts

ඇෆ්ගනිස්ථානයේ නගර රැසක තලෙයිබාන් සංවිධානයට එරෙහිව විරෝධතා ඇරඹේ

Mohamed Dilsad

ෆයිසර් සමාගමෙනුත් කොරෝනා පෙත්තක්

Mohamed Dilsad

අයිෆල් කුළුණ තාවකාලිකව වැසේ

Mohamed Dilsad

Leave a Comment