විදෙස්

ඇමරිකානු නව ජනපතිට ඉන්දීය අගමැතිගෙන් සුබ පැතුම්

(උදයම්,ඉන්දියාව )  –  ඇමරිකා එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් එක් කරයි.

ට්විටර් පණිවුඩ කිහිපයක් නිකුත් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

එමෙන්ම දෙරට අතර සහයෝගීතාවයේ උපරිම ඵල සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

සිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ ඉන්දියාව කෙරෙහි තමාගේ විශේෂ ගෞරවයක් පවතින බවත් ට්‍රම්ප් හින්දු ආගම කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන අයෙකු වන බවයි.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරට අදාළව ඉදිරිපත් කළ නවතම ආර්ථික වර්ධන පුරෝකථනය මෙන්න

Editor O

ඔමික්‍රොන් වැළැක්වීමට තුන් වැනි මාත්‍රාව අනිවාර්ය බව තහවුරු වෙයි

Mohamed Dilsad

ඇමරිකාවේ සමූල ඝාතන ඉහළට

Mohamed Dilsad

Leave a Comment