ක්‍රීඩා

එක්දින නායකත්වය උපුල් තරංගට ටෙස්ට් නායකත්වය චන්දිමාල්ට

(උදයම්,කොළඹ)  –  උපුල් තරංග එක්දින නායකත්වයටත්, දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකත්වයටත් පත් කරයි.

ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් නායකත්වයෙන් ඉවත්වීම නිසා මෙම පත්කිරීම සිදු කල බව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතයේ පැවති මාධ්‍ය හමුවේදී එහි සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

කෙසේ වෙතත් රංගන හේරත් ටෙස්ට් නායකත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ද ඊයේ (11)රාත්‍රී වනවිටත් සාකච්ඡා පැවැත්වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) තේරීම් කමිටුව සාකච්ඡා කර නව නායකත්වය සඳහා උපුල් තරංග පත් කර ඇත.

නමුත් උප නායකත්වය සඳහා සුදුස්සෙකු මේ වනතෙක් තීරණය කර නොමැත.

 

 

Related posts

දින කීපයකින් එංගලන්ත ක්‍රිකට් සංචාරය සම්බන්ධයෙන් අවසන් තීරණයක්

Mohamed Dilsad

දිල්රුවන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

Mohamed Dilsad

මුම්බායි ඉන්දියන්ස්ට IPL ජය

Mohamed Dilsad

Leave a Comment