ව්‍යාපාරික

ඉදිරියේදී ඉරානය සහ ශ්‍රීලංකාව අතර වෙළඳ සබඳතා ශක්තිමත් කරනවා – ඇමති බදියුදීන්

(උදයම්, කොළඹ) – ඉරානය හා ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී නව ක්‍රියා මාර්ග ගන්නා බව වාණිජ හා කර්මාන්ත අමත්‍යාවරයා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී ඉරානයේ සංචාරයක නිරත වීමට නියමතයි.

එම සංචාරයේදී දෙරට අතර ද්වීපාර්ශවික සබදතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ඊයේ කොළඹ පැවති හමුවකදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසුවේය.

වාණිජ දෙපාර්තමේන්තුවේ ,ආර්ථික සංවර්ධන මණ්ඩලයේ ,ආයෝජන මණ්ඩලයේ, තේ මණ්ඩලයේ ,වාණිජ මණ්ඩලයේ , ජාතික වාණිජ මණ්ඩලයේ සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවතී සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

විශේෂයෙන් ඉදිරි ඉරාන සංචාරය සඳහා සහභාගී වන නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යාමට නියමිතය මෙම සංචාරයේ අරමුණ වනුයේ ඉරානයේ ආයෝජන, සංචාරක සහ වෙළද අවස්ථා සොයා බැලීමයි.

ඉරාන ඉස්ලාමිය ජනරජ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති M R අහමදී මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ඉරානය සහ ශ්‍රීලංකාව අතර මිත්‍ර සබදතා ශක්තිමත් වී ඇති නමුත් වෙළඳ සබදතා බලාපොරොත්තු වූ ආකාරයට මෙතෙක් ශක්තිමත්වී නොමැත.

2015 දී ඉරානය සමග ශ්‍රීලංකාව සිදු කල ගනු දෙනු මගීන් ඩොලර් මිලියන 162ක් ආදායමක් උපයන ලදී.

මීට පෙර දෙරට අතර පැවතී වෙළද ගනුදෙනු වලට සාපේක්ෂව මෙය ඉතා අඩු අගයකි.

ජනාධිපතිවරයාගේ ඉදිරි සංචාරයෙන් අනතුරුව දෙරට අතර වෙළඳ ගනුදෙනු පෙර පැවතී තත්වයටත් වඩා ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය බදියුදීන් මහතා පැවසුවේය.

මෙම සංචාරය සඳහා මෙරට ආනයන අපනයනකරුවන්ද ,නිෂ්පාදකයින්, සේවායෝජකයින්ද එක් වීමට නියමිතයි.

ඉරාන ආයෝජකයින් ඉදිරියේදී වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමටත් මෙහිදී අවස්ථාව උදාවන අතර දෙරට අතර ව්‍යාපාරිකයින් සහ සේවාදායකයින් මුණ ගැසීමට අවස්ථාව උදාකිරීමටද ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

ඉරාන නියෝජ්‍ය තානාපතිවරයා මෙහිදී පැවසුවේ මෙරට නියෝජිතයින් සාදරයෙන් පිළිගැනීමට ටෙහෙරාන බලධාරීන් සුදානමින් සිටින බවත් දෙරට අතර වෙළඳ අවස්ථා පමණක් නොව තවත් අංශයන්ගේ පවතින අනෙකුත් අවස්ථාද සොයා බැලීමටත් අපේක්ෂා කරන බවයි.

Related posts

රුපියල කඩාවැටීම වළකන්න මහ බැංකුව මැදිහත් වෙයි

Mohamed Dilsad

මෙරටට පැමිණෙන චීන සංචාරකයින් සඳහා පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

පෑලියගොඩ නව වෙළෙද සංකීර්ණය වසර මැද භාගයේදී ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment