විදෙස්

සෞදියේ ගින්නකින් 11 දෙනෙකු මරුට

(උදයම්,සෞදි අරාබිය)  –  සෞදි අරාබියේ නිවසක හටගත් ගින්නකින් පුද්ගලයෝ 11 දෙනෙක් මියයති.

තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති  බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නිරිතදිග නජ්රාන් නගරයේ නිවාසයක මෙම ගින්න හටගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ එරට සේවය කරන විදෙස් ශ්‍රමිකයන් පිරිසකි.

ඔවුන් එරට රැඳී සිටින බංග්ලාදේශ සහ ඉන්දීය ජාතික ශ්‍රමිකයන් පිරිසක් බව ද වාර්තාවේ.

ගින්න ඇතිවන අවස්ථාවේ ඔවුන් නිදාසිට ඇත. මේ නිසා දුමාරයත් සමග හුස්ම ගැනීමට නොහැකිව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි හෙළිවී ඇත.

ගින්න ඇතිවූ වහාම ගිනිනිවීමේ ඒකක විසින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ජාතිය එක්සත් කිරීමට ප්‍රතිඥාදෙයි

Mohamed Dilsad

බස් අනතුරකින් ජර්මන් සංචාරකයින් 29 දෙනෙකු මරුට

Mohamed Dilsad

සිඩ්නි නුවරට දරුණු ජල ගැලීම් තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment