ප්‍රමුඛ පුවත 1

විහාරස්ථානවල කටයුතුවල මැදිහත්වීමට රජයට කිසිදු බලයක් නෑ – අගමැති

(උදයම්,කොළඹ)   –  විහාරස්ථාන පාලනය කිරීමට හෝ විහාරස්ථානවල කටයුතුවල මැදිහත්වීමට රජයට කිසිදු බලයක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තරුණ භික්ෂු එකමුතුවේ ස්වාමීන් වහන්සේලා පිරිසක් සමඟ ඊයේ(12) උදෑසන අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් කියා සිටියේය.

මාධ්‍ය විසින් නැති ප්‍රශ්න මැවීමට උත්සහ ගන්නා බවත් කිසි විටෙකත් ආගම සමඟ දේශපාලනය නොකරන ලෙසත් අගමැතිවරයා මෙහිදී දේශපාලඥයින්ගෙන් ඉල්ලා සිටියේය.

අද වන විට බෞද්ධ ආගම සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් සිටිනනේ ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් බව ද අගමැතිවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට සකස් කරමින් සිටින අතර ඒ තුළින් බුදු දහමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අහිමි නොකරන බව ද අගමැතිවරයා පැවසීය.

Related posts

අද දිවුරුම් දුන් අමාත්‍යාංශ ලේකම්වරු

Mohamed Dilsad

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රායෝගිකයි [VIDEO]

Mohamed Dilsad

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [UPDATE]

Mohamed Dilsad

Leave a Comment