ප්‍රමුඛ පුවත 1

ගැබිනි මව්වරුන්ගේ පෝෂණය නැංවීමේ විශේෂ වැඩසටහනක්

(උදයම්,මහනුවර)  –  මධ්‍යම පළාතේ මාතෘ සෞඛ්‍ය ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල සංවිධානය කළ ගැබිණි මව්වරුන් සදහා පෝෂණ මලූ හා වියළි සලාක බෙදාදීමේ විශේෂ වැඩසටහනක් ඊයේ(16) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

මධ්‍යම පළාතේ ගැබිණි මව්වරුන් දහසකට අධික ප‍්‍රමාණයකට මෙම වියළි සලාක හා පෝෂණ මලූ බෙදාදීම සිදුකෙරුණු, අතර එය සංකේතවක් කරමින් ජනාධිපතිවරයා විසින් ගර්භනී මව්වරුන් වෙත වියළි සලාක හා පෝෂණ මලූ ලබාදීම සිදුවිය.

මහනුවර ජනාධිපති මන්දිරයේදි ගැබිණි මව්වරුන් උදෙසා සූදානම් කෙරුණු දිවා බෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිවරයා එක්විය.
හිදිසි අනතුරකින් මියගිය සිය පුත‍්‍රයාගේ හදවත හදවත් සැත්කමක් වෙනුවෙන් දන් දුන් උඩුනුවර පදිංචි අයි.ජී. නන්දසේන මහතා සහ ඉන්ද්‍රා කල්‍යාණි මහත්මිය ද මෙහිදී ජනාධිපතිවරයා මුණගැසිණි.

එහිදී ඔවුන්ගේ සුවදුක් විමසූ ජනාධිපතිවරයා, සිදුකළ උදාර පරිත්‍යාගය පිළිබද සිය කෘතවේදීත්වය පළකර සිටියේය.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, සබරගමු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා, උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී දිසානායක, දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මධ්‍යම පළාත් වනිතා කටයුතු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු මහත්ම මහත්මීන් මෙන්ම හිටපු අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතා ද එක්විය.

Related posts

මෙවර උසස් පෙළ විභාගය පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසුව

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් හැදුණුම්පත් ඉල්ලුම් කළ අයට නිවේදනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ජපානයෙන් ලැබුණු චීටා යුවල

Mohamed Dilsad

Leave a Comment