ප්‍රමුඛ පුවත 1

ජනපති තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ සංචාරයක

(උදයම්,නුවරඑළිය)  – මෙරට තේ කර්මාන්තයට වසර එකසිය පනහක් සැපිරිම නිමිත්තෙන් සහ තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයට වසර අනු දෙකක් (92) සැපිරිම නිමිත්තෙන් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා තලවාකැලේ තේ පර්යේෂන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුහ.

තලවාකැලේ තේ පර්යේෂන ආයතනයේ නිළධාරින්ගේ ආරාධනාවකට අනුව අද  (21) උදෑසන ජනාධිපතිවරයා සහ අමාත්‍ය නවින් දිසානායක මහතා තේ පර්යේෂණ ආයතනයේ සංචාරයක නිරත වී තිබේ.

තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය වෙත පැමිණි මෛති‍්‍රපාල සිරිසේන මහතා තලවාකැලේ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් විසින් වසර විසිපහක් තිස්සේ කරන ලද පරික්‍ෂණ වලින් අනතුරුව දේශගුණ විපර්යාස වලට හා වියළි කාළගුණයට පවා වැඩි ඵදායිතාවයක් ලබා දෙන ටි.ආර්.අයි පන්දහා කාණ්ඩයේ පළමු තේ පැලය රෝපනය කරනු ලැබීය.

ඉන් අනතුරුව තලවාකැලේ තේ පර්යේෂණ ආයතනය මගින් වගාකරුවන් වෙත තොරතුරු ලබා ගැනිම සදහා ස්ථාපනය කරන ලද තොරතුරු කේන්ද්‍රය හා වගාකරුවන් ලබාදිම සදහා වු කෙටි පණිවුඩ ද්වාරයද විවෘත කර තිබේ.

මෙහිදි තේ පර්යේෂණ ආයතනයේ බුදු මැදුරට මල් පුජාකර ශාන්ත කුමිබිස් වත්තේ ප‍්‍රතිසංස්කරණය කරන ලද මාතෘ නිවාසය හා වෛද්‍ය සායනයද වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා විසින් විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍ය නවින් දිසානායකල කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍ය පි.දිගම්බරම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධා කි‍්‍රෂ්නන් මහතා සහ තේ පර්යේෂණ මණ්ඩලයේ සභාපති එමි.එන්.ජේ.පි. ගවරමාන්න මහතාද සහභාගි වුහ.

Related posts

ත්‍රිකුණාමල මණ්ඩප දින නියමයක් නොමැතිව වසා දැමේ

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

දෙවැනි තරගයෙත් කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

Leave a Comment