ප්‍රමුඛ පුවත 1

පැය 08 ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)  –  අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා(20)  පැය 08 ක කාලයක් දෙහිවල – ගල්කිස්ස සහ කොළඹ දකුණ බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව 20 දා රාත්‍රී 09 සිට 21 දා අළුයම 05 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, සොයිසාපුර, අත්තිඩිය, කවුඩාන, පැපිලියාන, බෙල්ලන්තොට, නැදිමාල, කළුබෝවිල, නුගේගොඩ, කොහුවල, යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ.

එසේම වැල්ලවත්ත සහ පාමංකඩ ඇතුළු දකුණු කොළඹ ප්‍රදේශවලට ද එහිදී ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Related posts

නේපාල ජනාධිපතිනිය දිවයිනට

Mohamed Dilsad

රටවල් කීපයක තානාපතිවරුන් සහ ජනාධිපති අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

අකුරැස්සේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ පිරිසෙන් පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment