ප්‍රමුඛ පුවත 1

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

(උදයම්,කොළඹ)  –  ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය ජුලියා බිෂොප්  මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දිවයිනට පැමිණීමට නියමිතව ඇත.
මෙම සංචාරයේ දී ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමට ද නියමිතව ඇත. එමෙන් ම එහිදී දෙරට අතර ඩෙංගු රෝගය පාලනය කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.
හෙට (20) විදේශ කටයුතු අමාත්‍ය රවි කරුණානායක මහතා සමග පැවැත්වෙන උදෑසන රැස්වීම අතරතුර දී සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය විවියන් බාලක්‍රිෂ්ණන් මහතා ද හමුවීමට නියමිතව ඇත.
එමෙන් ම ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරියගේ මෙම නිල සංචාරය අතරතුර දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු පිරිසක් හමුවීමට ද නියමිතව ඇත.

Related posts

තම නිවාස රූගත කල බවට මන්ත්‍රී රවීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක ගිගුරුම් සහිත වැසි…

Mohamed Dilsad

යහපාලනයේ චෝදනාවන්ට ලක්වූ අයට නීතිමය පියවර [VIDEO]

Mohamed Dilsad

Leave a Comment