ප්‍රමුඛ පුවත 1

‘මන්ත්‍රීවරු වරදකරුවන් කර නෑ ,දුරකතන තොරතුරු හෙළි කිරීම වරප්‍රසාද කඩවීමක්’- ඇමති කිරිඇල්ල

(UTV|කොළඹ)  – කෝප් කමිටුවේ මන්ත්‍රීවරුන්ගේ දුරකතන සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම මඟින් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වී තිබෙන බවත්  තවමත් කිසිදු මන්ත්‍රීවරයකු වරදකරුවකු නොවන බවත් මේ පිළිබඳව පක්ෂ නායක රැස්වීමක් කැඳවා සුදුසු පියවරක් ගන්නා ලෙස සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිඇල්ල මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේ, බැදුම්කර සිදුවීම සම්බන්ධව මන්ත්‍රීවරුන් කීපදෙනෙකු සම්බන්ධ දුරකතන ඇමැතුම් සිදුවීම පිළිබඳව ඇතිව තිබෙන තත්ත්වය පැහැදිළි කරමිනි.

“අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සකස් කළ වාර්තාවක් විමර්ශන කොමිෂන් සභාව හමුවේ තබා තිබෙනවා. මෙහි සැබෑ තත්ත්වය වනුයේ, අර්ජුන් ඇලෝසියය්ස් විසින් තමාට පක්ෂව කෝප් වර්තාවේ යම් වෙනස්කම් සිදු කිරීමේ අපේක්ෂාවෙන් මෙම සාමජිකයන් පස් දෙනා අමතන ලද්දේ නම් ඔහු ඔවුන් වෙතින් කිසිදු ආකාරයක අනුග්‍රහයක් ලබා ගැනීමට අපොහොසත් වී ඇති බව”අමාත්‍යවරයා පැවසීය.

සියලු දෙනා විසින් වැරදිකරුවන්ට එරෙහිව අවශ්‍ය කටයුතු කළ යුතු බවට එකඟතාවයට පමිණ තිබෙනවා. කොප් කමිටුවේ මන්ත්‍රීවරුන් විසින් එයට එරෙහිව කටයුතු කළ යුතු බවට දන්වා තිබෙනවා. කොමිෂම අධිකරණයක් නොවේ. මන්ත්‍රීවරුන් කිසිවෙකු වරදකරුවන් ලෙස හඳුනාගෙන නෑ.  අප වෙත පැනනගින ප්‍රශ්නය වනුයේ විශේෂයෙන් මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දුරකතන වාර්තා රහසිගතව සටහන් කරන ලද්දේ කවරෙකුගේ උපදෙස් මතද සහ කවර අරමුණක් වෙනුවෙන්ද යන්නයි.  නඩුවක් නෑ. කිසිවෙක් වරදකරුවෙක් කර නෑ. දුරකතන යනු ඡන්දදායකයාට මන්ත්‍රීවරයා සම්බන්ධ කළ එකි මාධයයකි.

මෙම තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම වැරදි සහගතය. තොරතුරු ලබාගැනීමට ප්‍රථම කතානායකවරයාගේ අවසරය ලබාගත යුතුය යන්න හැඟීමයි. මෙම ක්‍රියාවලිය අනුගමනය කර නැත. රහස්‍ය කටයුතු හෙළි කරන්න බෑ. ජනමාධ්‍ය විවිධ විකෘති කරමින් පවතිනවා. පක්ෂ නායක රැස්වීමක් කැඳවා මෙම කරුණු විභාග කර සුදුසු පියවරක් ගන්නා ලෙස ඉල්ල සිටිමි. අපි පරීක්ෂණවලට විරුද්ධ නෑ. ලැබෙන තොරතුරු රහසිගතව තබා ගත යුතුයි. ප්‍රසිද්ධ කිරීම මන්ත්‍රී වරප්‍රසාද කඩ කිරීමක් යැයි ද සභානායකවරයා පැවසී ය.

මෙහිදී  පිළිතුරු දුන් කතානායකවරයා සඳහන් කළේ පක්ෂ නායක රැස්වීමක් කැඳවන බවය.

Related posts

ප්‍රදේශ කීපයක පැය 24 ක් ජල සැපයීම අත්හිටුවයි

Mohamed Dilsad

ආගමික නිදහස් ආරක්ෂා කිරීමට වහා මැදිහත් වන්න-ඇමති රිෂාඩ්

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 8 ක් රෝහලට

Mohamed Dilsad

Leave a Comment