ප්‍රමුඛ පුවත 1

සරසවි ප්‍රවේශ අත්පොත ලබන සතියේ නිකුත් වෙයි

(උදයම්,කොළඹ ) – නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ලබන 24 වන දින නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව ලබන 24 වනදා සිට විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත දිවයින පුරා පිහිටි අලෙවිසැල්වලින් මිලදී ගැනීමට හැකියාව පවති.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වෙබ් අඩවිය තුළින් ද ප්‍රවේශ අත්පොත ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

ඒ අනුව 2016 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් සමත් වු සිසුන්ට විශ්වවිද්‍යාල සඳහා අයදුම් කිරීමේ අවස්ථාව  ලබන 24 වන දින සිට උදාවන බව  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර සියලු අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ පමණක් ඉදිරිපත් කළ යුතු වන අතර දිවයින පුරා පිහිටි නැණසල මධ්‍යස්ථානවලින් නොමිලේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදී ඇති බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

හමුදා භට පිරිස් ගංවතුරෙන් විපතට පත් වු ජනතාව වෙනුවෙන් තවදුරටත් සහන මෙහෙයුම් වල

Mohamed Dilsad

කොහුවල ව්‍යාජ ඇමරිකානු මුදල් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සින්නක්කර ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment