ප්‍රමුඛ පුවත 1

ලක්ෂ ගණන් වැය කරලා මැෂින් ගෙනල්ලා ෆෝන් ටැප් කළේ මේ ආණ්ඩුව නෙවෙයි. – ඇමති හැරිසන් කියයි

(UTV|කුරුණෑගල)  – ලක්ෂ ගණන් වැය කරලා මැෂින් ගෙනල්ලා ෆෝන් ටැප් කළේ මේ ආණ්ඩුව නෙවෙයි. මහින්ද මහත්තයා තමයි ෆෝන් ටැප් කරන්න ඉගැන්නුවේ.  මෛත්‍රිපාල සිරිසේන මහතාට එහෙම කාගෙවත් ටෙලිෆෝන් වලට කන් දෙන්න අවශ්‍යතාවයක් නැහැ යැයි ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය .

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ  නාරම්මල කොවුල්වැව ජාතික පශු සම්පත් සංවර්ධනය මණ්ඩලයට අයත් ගොවිපළෙහි  අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යංශය යටතේ පවතින පශු සම්පත් සංවර්ධන මණ්ඩලය මගින් මේ සදහා රුපියල් ලක්ෂ 40 ක මුදලක් වැය කර ඇත.

මෙහිදී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට අමාත්‍යවරයා පිළිතුරු දෙමින්

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන්  රජයේ ඇමතිවරුන් සම්බන්ධයි කියල චෝදනාවක් තියෙනව නේද ?  

බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රජයේ ඇමතිවරුන්ට ඇගිල්ල දික්වෙනවාය කියල කලබල වෙන්න ඕන නැහැ. ඒ සම්බන්ධයෙන් දැනටමත් කොමිෂන් සභාවට් පිහිටවා ඒ සදහා අවශ්‍ය පුද්ගලයින් සියළුදෙනාගේම කට උත්තර ගනිමින් තියෙනවා. හැබැයි ඒකෙ වැරදිකාරයන් වෙලා තියෙනවානම් ඒ වැරදිකාරයන්ට අධිකරණයට ගියාට පස්සේ දඩුවම් ලැබෙයි. ඒ තීන්දුවට  අපි හිස නමනව. එහෙම නැතිව එක්සත් ජාතික පක්ෂයේ කියල කව්රුත් ආරක්ෂා කරන්න බැදිල නැහැ.

අපේ අගමැතිතුමා ස්වේච්ඡාවෙන් ගිහිල්ල කට උත්තර දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. නැතිව කොම්ෂමෙන් කැදවල නීත්‍යානුකුලව වරෙන්තු කරල නෙවෙයි.

රන්ජන් රාමනායක මහතාගේ ආසන සංවිධායකකම අහෝසි කරල තියෙන්නේ මේ බැදුම්කර සිද්ධියේදදී එතුමා හෙළිදරව් කිහිපයක් සිදු කළ නිසා යයි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරයෙක් කියනව ඒක ඇත්තක්ද?

රන්ජන් රාමනායක මහතා කාර්ය බහුල පුද්ගලයෙක් කලාකරුවෙක් ඒ නිසා එතුමගෙ කාර්යබහුලතාවය නිසා ආසනයේ යම් අපහසුතාවයක් ඇති. ඒ නිසා එතුමා දිස්ත්‍රික් සංවිධායකයෙක් හැටියට පත් කරල තියෙනව. එතුමා ඒක කැමැත්තෙන් පිලි අරගෙන තියෙනවා.   ආසන සංවිධායකකම නැති වෙලා දිස්ත්‍රික් සංවිධායකකම දීපු එක රන්ජන් රාමනායක මහතාට ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් වෙන අයට ප්‍රශ්නයක් වෙලා .

සීමා නිර්ණය ගැන තාමත් ගැටඵ තියෙන නිසා මැතිවරණය තියයිද?  

පැහැදිලිවම ප්‍රශ්නයක් නැහැ. සීමා නිර්ණයෙන් ප්‍රශ්න තිබෙන තැන් තිබුන නම් ඒ අදාළ තැන් වලට විතරක් නීත්‍යානුකූල කටයුත්ත කරල අනිත් තැන් වලට ජනවාරි 27 දා ස්ථීරව  මැතිවරණය තියාවි.

සමාජ මතයක් තියෙනව පොහොට්ටුව 1 වෙනවා. එක්සත් ජාතික පක්ෂයය 2 වෙනව. මෛත්‍රීපාල සිරිසේන මහත්තයගේ පක්ෂය 3 වෙනව කියල මේක ඇත්තක්ද ?

ජන්දෙ ගැන දැන්ම කියන්න බැහැනේ. තාම නාම යෝජනා භාර දුන්නෙත් නැහැ. ජන්දෙ තිබ්බෙත් නැහැ. ජන්දෙන් පස්සේ අපි ඔක්කොටම බලා ගන්න පුළුවන්. මේ මැතිවරණය ජයග්‍රහණය කරනව. ඒ ගැන කාටවත් සැකයක් තියා ගන්න ඕන නැහැ.

දැන් සුළු පරිමාණ කුකුල් ගොවීන් බැටරි කේජ් ක්‍රමය නිසා අසරණ වෙලා. අමාත්‍යංශය හරහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනව නේද ? ඒකෙන් විශේෂ සැලකිල්ලක්  මේ ගැන යොමු කරනවාද ?

විශේෂයෙන්  සුළු හා මධ්‍ය පරිමාණ කුකුළු ගොවිපළ හිමියන් සියළුදෙනාට ගැලපෙන ආකාරයට අපේ අමාත්‍යංශයත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවත් එකතුවෙලා දැන් නියාමනයන් සාකච්ඡා කරල සුදානම් කර ගෙන යනව. තව සති කිහිපයකින් එය සම්පුර්ණ කරල නීතිගත කරන්න පුලුවන් වෙයි. එහෙම වුනාම හැමෝටම සාධාරණයක් ඉෂ්ට වෙයි.

අල ළූණු මිල පහත හෙලීම නිසා දේශීය ගොවියා අනතුරට ලක් වෙලා නේද?

අල ළුණු වල මිල පහල බැස්සයි කියල කලබල වෙන්න ඕන නැහැ. කෘෂි කර්මාන්තයේ නියැලී ඉන්න ගොවීන්ට අවශ්‍ය මැදිහත්වීම අපි රජයක් විදිහට කරනවා. . ඒ අයට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.

අල ගොවියටත් එහෙමයි. හැබැයි ගොවියා වගේම පාරිභෝගිකයාන් ආරක්ෂා කර ගන්න සිද්ධ වෙලා තියෙනවා.  ඒ ගොල්ලන්ටත් සහනයක් දෙන්න ඕන. රජයක් හැටියට මේ දෙපැත්තම බැලන්ස් කර ගෙන යන්න ඕන.

බුලත් ගොවියාගේ ප්‍රශ්නය ගැන ඔබ තුමාගේ අදහස් කුමක්ද?

බුලත් ගොවියාගේ ප්‍රශ්නයට අදාළ අංශ සමඟ සාකච්ඡා කරන්න ඕන. එහෙම අසරණ වෙලා තියෙනවනම් ඒ ගැන  අපිට දැන්නුවොත් අපිට ඒ ගැනත් කටයුතු කරන්න පුළුවන්. විශේෂයෙන් අපේ ආර්ථික මධ්‍යස්ථාන හරහා . අමාත්‍ය මණ්ඩලය එක්ක කථා කරල රජයක් හැටියට මැදිහත් වෙලා සහනයක් ලබා දෙන්න පුලුවන්.

පකිස්ථානය හෝ ඉන්දියාව වැනි රටකවල් එක්ක සාකච්ඡා කරල බුලත් යවන්න කටයුතු කරන්න ඕන.ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනව.

   මෙම අවස්ථාව සදහා වයඹ පළාත් සභාවේ විපක්ෂ නායක සමල් සෙනරත්  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති මහාචාර්ය ඩබ්.සිරිල්, නියෝජ්‍ය සභාපති සෝමචන්ද්‍ර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් සහභාගි වුහ.

Related posts

අගමැති පාකිස්තානයේ ආරාධනය පිළිගනියි

Mohamed Dilsad

ගුරු සහ විදුහල්පතිවරුන් තවමත් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment