ප්‍රමුඛ පුවත 1

බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක්

(උදයම්,කොළඹ ) – මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කරයි.

ඒ අනුව ඉදිරි සතිය තුළදී එම කොමිසමට අදාල ගැසට් නිවේදනය නිකුත් කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම කොමිසම විසින් මහා බැංකු බැදුම්කර සිද්ධිය පිළිබද පූර්ණ විමර්ශනයකින් අනතුරුව ඒ පිළිබදව ගතයුතු පියවර නිර්දේශ කරනු ඇත.

බැදුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කළ කෝප් කමිටුවේ වාර්තාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ පිළිබද විශේෂ විවාදයක් හෙට (24) දිනය පුරා පාර්ලිමේන්තුවේදි පැවත්වීමට නියමිතය.

Related posts

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ රැළිය කාත්තන්කුඩිහිදී

Mohamed Dilsad

පළාත් කිහිපයකට විටින්විට වැසි

Mohamed Dilsad

විදෙස් තැපැල් මළු දහසක් ගුවන්තොටුපලේ හිරවෙයි

Mohamed Dilsad

Leave a Comment