Trending News

රටට අවශ්‍ය වූ වෙනස උදෙසා බොහෝ දේ මේ වන විට ඉටුකර තිබෙන බව ජනපති පවසයි[vedio]

(UTV|කොළඹ) – මීට වසර තුනකට පෙර අද වන් දවසක වෙනසක් උදෙසා පැවති රජයෙන් එළියට ආ තමන් අද එම වෙනස උදෙසා බොහෝ දේ ඉටුකර තිබෙන බව ජනාධිපතිවරයා පවසයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 100ක සූර්යබල ශක්තිය එක් කිරීම සනිටුහන් කරමින් ඊයේ (21) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති උත්සවය අමතමිනි.

අද තමන් වෙත කුමන පාර්ශ්වයකින් ඇගිල්ල දිගු වුවද, යහපාලන සංකල්පය කි‍්‍රයාත්මක කිරීමට ගත් තීන්දුව අනුව, දුෂණය, වංචාව, හොරකම සහ නාස්තිය සමග දුෂිත දේශපාලනය රටින් තුරන් කර යහපත් සහ සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේ ප‍්‍රවේශය මේ වන විට සනිටුහන් කර තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කළේය.

යහපාලන රජයේ ඉලක්ක සම්පූර්ණ කිරීමේදී සමත් ද, අසමත් ද යන්න පිළිබද තවමත් කිසිවෙකුට සහතික ලබාදිය නොහැකි අතර යහපාලන රජයේ නිල කාලය අවසන්වන විට සමත් බවට සහතිකය ලබා ගත හැකි සාක්ෂි, සාධක සහ තොරතුර රැසක් ප‍්‍රකාශයට පත්කිරීමේ හැකියාව පවතින බවද ජනාධිපතිවරයා සදහන් කළේය.

මීට වසර තුනකට පෙර රට මුහුණ දුන් දැවැන්ත අභියෝගයක් වූ ජාත්‍යන්තරය දිනා ගැනීමේ අභියෝගය ජය ගනිමින් ලෝකයේ සෑම රාජ්‍යයක් හා ජාත්‍යන්තර සංවිධානයක්ම ශී‍්‍ර ලංකාවේ මිතුරන් බවට පත්කර ගැනීමට රජයට හැකියාව ලැබුණු බව ද පැවසූ ජනාධිපතිවරයා එම ඉලක්කය මෙන්ම රට වෙනුවෙන් වූ ඉලක්ක රැසක් මේ වන විට රජය සාර්ථකව ජයගෙන තිබෙන බව ද සදහන් කළේය.

රටට පැණවීමට තිබූ ජාත්‍යන්තර සම්බාධක ඉවත් කර ගැනීම, එදා දේශපාලන වේදිකාව මෙන්ම මාධ්‍ය තුළ නිරන්තර කථා බහකට ලක්වූ විදුලි පුටුව සහ ජාත්‍යන්තර යුධ අධිකරණය හා ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වීමේ කථා බහ සම්පූර්ණයෙන් අවසන් කිරීම , 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනතාවගේ මානව අයිතිවාසිකම් ශක්තිමත් කරමින් සහ සියලූ ක්ෂේත‍්‍රවල ස්වාධිනත්වය ඇති කරමින් ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම මෙන්ම මීට පෙර නායකයින් අධිකරණය හැසිරවූ ආකාරය වෙනස් කර නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීම එම ජයග‍්‍රහණ අතර කිහිපයක් බව ද ජනාධිපතිතුමා සදහන් කළේය. එමෙන්ම රට මුහුණදුන් ණය බර ඉවත් කරමින් රටේ ආර්ථිකය යහපත් කිරීමට රජය ගත් තීන්දු තීරණවල ඉතා යහපත් ප‍්‍රතිඵල ලැබී තිබෙන බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

රට තුළ සිදුවූ මෙම වෙනස සිදු නොවී මීට වසර 03 කට පෙර තිබූ තත්වයෙන් මේ රට තිබුණානම් අද රටට අත්වන ඉරණම බුද්ධිමත් සියලූ දෙනාගේ අවධානයට ලක්විය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

සූර්ය බලශක්තියේ ප‍්‍රගතිශීලි හැරවුමක් සනිටුහන් කරමින් හරිත බල ශක්තියෙන් රට ස්වයං පෝෂිත කිරීම සදහා සූර්ය බල සංග‍්‍රාමය මීට වසරකට පෙර ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසින් ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතිය තුළින් විදුලිබල පාරිභෝගිකයා විදුලිබල නිෂ්පාදකයෙකු බවට පත් කෙරෙන අතර පවුල් දසලක්ෂයකට නිසැක අමතර ආදායමක් හිමිකර දෙන ව්‍යාපෘතියකි. අද වන විට මෙම සූර්ය බල සංග‍්‍රාම ව්‍යාපෘතිය ඇසුරෙන් පළමු වසර ඇතුළත් මොගාවොට් සියයක විදුලි බලධාරිතාවක් ජාතික විදුලි බල පද්ධතියට ලබාදීමට හැකිව ලැබී තිබේ.

ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සදහා සහය දැක්වූ ආයතන හා නිලධාරින් වෙත ඇගයීම් සම්මාන පිරිනැමීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.පුවක්ගහ උල්පත පළමු සූර්යබල ගම්මානයේ සූර්යබල පද්ධතියේ හිමිකරු වෙත අදාළ චෙක්පත ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.ජනාධිපතිවරයා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විණි.

අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, දයා ගමගේ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ, ශී‍්‍ර ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික‍්‍රමරත්න, විදුලිබල මණ්ඩලයේ සභාපති ඩබ්.ඞී. ගනේගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

State Minister Wijewickrama assumes duties

Mohamed Dilsad

பொசன் வாரம் இன்று முதல் பிரகடனம்

Mohamed Dilsad

Navy apprehends 15 local fishermen engaged in illegal fishing

Mohamed Dilsad

Leave a Comment