ප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය සේවා වෘත්තියවේදින් අද දිවයින පුරා වැඩ වර්ජනයක

(UTV|කොළඹ) – හෙද සේවාවේ පවතින වැටුප් විෂමතා, වැඩි කළ අතීකාල දීමනාවල හිඟ මුදල් ගෙවීම පැහැර හැරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය අරම්කර තිබේ.

සෞඛ්‍ය සේවා වෘත්තියවේදින්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ සෞඛ්‍ය වෘත්තිය සමිති 17ක් අද පෙරවරු 7.00 සිට හෙට පෙරවරු 7.00 දක්වා මෙම වැඩ වර්ජනයේ නිරත වන බවය.

කෙසේ වෙතත් අදාල ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ නම්, වැඩ වර්ජනය ඕනෑම මොහොතක නතර කිරීමට සුදානම් බව ද සමන් රත්නප්‍රිය මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ අවසන් දිනය අදයි

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවකයින් අඛණ්ඩ වැඩවර්ජනයට සුදානම්

Mohamed Dilsad

සරසවි සිසුවියට පිහියෙන් ඇන්න තරුණයා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

Leave a Comment