විදෙස්

ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් අවසන් වෙයිද?

(UTV|ආර්ජන්ටිනාව) – දකුණු අත්ලාන්තික් මුහුදේදී අතුරුදන් වූ ආර්ජන්ටිනා සබ්මැරීනයේ ඔක්සිජන් සංචිතය අවසන් වෙමින් පවතින බවට තොරතුරු වාර්තාවේ.

මේ හේතුවෙන් එහි සිටින නාවිකයන් 44 දෙනාගේ ජීවිත අවදානම් මට්ටමේ පවතින බව එරට නාවික නිලධාරීන් ප්‍රකාශ කළේය.

අතුරුදන් වූ සබ්මැරීනය සෙවීම සඳහා රටවල් 07කට අයත් නෞකා සහ ගුවන් යානා පැය 24 මුළුල්ලේ මෙහෙයුම්වල නිරතව සිටී.
මෙම සබ්මැරීනය අතුරුදන්ව දින 5ක් ගත වී තිබේ.
නමුත් මෙතෙක් ඒ පිළිබඳ කිසිදු තොරතුරු අනාවරණ වී නොමැත.

සබ්මැරීනයෙන් අවසන් වරට ලැබුණු පණිවුඩයෙන් කියවී ඇත්තේ එහි යාන්ත්‍රික දෝෂයක් පවතින බවය.

Related posts

අවුන් සාන් සුකීට මියන්මාර් විශේෂ අධිකරණයක් දුන් නියෝගය

Mohamed Dilsad

රුසියානු අගමැති ප්‍රමුඛ රජය ඉල්ලා අස්වීමට තීරණය කරයි

Mohamed Dilsad

සුඩාන ගුවන් යානයක් කඩා වැටී කුඩා දරුවන් ඇතුළු 18 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment