ප්‍රමුඛ පුවත 1

වර්ජකයින් සුව ඇමති සමඟ සාකච්චාවකට සුදානම්

(UTV|කොළඹ) – වර්ජනයේ නිරත හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිත බව හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
වැඩිකල අතිකාල දීමනා කප්පාදුව, වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින්  හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය අද (22) පෙරවරුවේ සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළ අතර එය හෙට පෙරවරු 07.00 දක්වා ක්‍රියාත්මක කරනු ඇත.
මේ හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්වූ බව අප වාර්තාකරුවෝ පවසති.

Related posts

ජාත්‍යන්තර බෝරා සමුළුව අදින් අවසන්

Mohamed Dilsad

කොරෝනා මරණ සීග්‍රයෙන් ඉහළට

Mohamed Dilsad

නේවි සම්පත් ලබන 27 දක්වා යලි රක්ෂිත බන්ධනාගාරට .

Mohamed Dilsad

Leave a Comment