ප්‍රමුඛ පුවත 1

චීන ආරක්‍ෂක විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

(UTV|කොළඹ) – දිවයිනේ සංචාරයක යෙදෙන චීන ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ (Chinese National Defence University) නියෝජිත පිරිසක් ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා ඊයේ (22) දින අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.

මේජර් ජෙනරාල් ෂි ෂොන්ග්වූ (Major General Shi Zhongwu) ඇතුළු මෙම නියෝජිත පිරිස පසුගියදා අධ්‍යාපන චාරිකාවක් සඳහා මෙරටට පැමිණෙන ලදී.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම් වෛද්‍යරත්න මහතා සහ මේජර් ජෙනරල් ෂි ෂොන්ග්වු මහතා සුහද සාකච්ඡාවක නිරතවූ අතර එම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

අතිරේක ලේකම් (ආරක්‍ෂක) ආර්.එම්.එස් සරත් කුමාර මහතා, හමුදා සම්බන්ධීකරණ නිළධාරි මේජර් ජෙනරාල් ඩී.ඒ.ආර්. රණවක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයාද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Read 5 times

Related posts

දුම්වැටි සහ මත්පැන් බදු කිහිපයක් සංශෝධනය වෙයි

Mohamed Dilsad

උණ රෝගින් ප්‍රති ආසාත්මික ඖෂධ භාවිතයෙන් වළකින්න

Mohamed Dilsad

කෝටියක රත්‍රන් සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment