ප්‍රමුඛ පුවත 1

පොල් සඳහා පාලන මිලක් පැනවීම ගැන අවධානය

(UTV|කොළඹ) –  ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුවේදී පොල් සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි අවධානය යොමු වූ බව කර්මාන්ත හා වාණිඡ කටයුතු අමාත්‍යංශ ලේකම්  රංජිත් අශෝක මහතා පවසයි.

මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර මේ පිළිබඳව තීරණයක් ගන්නා බව ද ඔහු පැවසුවේ ය.

මේ වනවිට වෙළෙඳපොළේ පොල් මිල රුපියල් 85ත් 100ත් මිලක් දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවට පත් ව තිබේ.

ලක් සතොස හරහා රුපියල් 65ක මිලකට පොල් අළෙවි කිරීමට අඛණ්ඩව කටයුතු කරන බව කෙසේ වෙතත් පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර දැනට වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට පිළියමක් ලෙස කර්මාන්ත සඳහා පොල් ආනයනය කිරීම කෙරෙහි සලකා බැලිමට ද ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුවේදී අවධානය යොමුවී තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් ක‍ළේ, ඒ සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මගින් අධ්‍යනයක් ද මේ වනවිට සිදු කරන බව ය.

 

Related posts

තලවකැලේ නගරයේ වෙළඳසැල් හදිසි පරීක්‍ෂාවකට

Mohamed Dilsad

සමස්ත ලංකා පෞද්ගලික බහාලුම් ප්‍රවාහන සේවක සංගමය වර්ජනයක

Mohamed Dilsad

මොණරාගලදී ගැටුණු චීන ජාතිකයෝ

Mohamed Dilsad

Leave a Comment