ප්‍රමුඛ පුවත 1

පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රගමනයට අවශ්‍ය සියලූ පහසුකම් – ජනපති

(UTV|කොළඹ) – අතීතයේදී මහා විස්කම් පෙන්වූ අපගේ පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවට හිමිවිය යුතු නිසි ගෞරවය හිමිකර දෙමින්, එහි ප‍්‍රගමනයට අවශ්‍ය සියලූ පහසුකම් සලසන බව ජනාධිපතිවරයා පවසයි.

නවීන තාක්ෂණයත් සමග සිදුවූ බටහිර වෛද්‍ය විද්‍යාවේ නව සොයා ගැනීම් සහ පරීක්ෂණ සමග කඩිනම් ප‍්‍රතිකාර සඳහා ජනතාව යොමුවීම තුළින් පාරම්පරික දේශීය වෛද්‍ය ක‍්‍රම යටපත් වුවද ඉතිහාසයේ අප නිරෝගීමත් ජාතියක් බවට හිමිකම් කීවේ අත්දැකීම් බහුල හෙළ වෙදකම නිසා බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ “Tradmed International Sri lanka 2017” පාරම්පරික හා අනුපූරක වෛද්‍යක‍්‍රම පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය හා අධ්‍යාපනික වෙළඳ ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ඊයේ (23) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී එක්වෙමිනි.

මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ, දේශීය හෙළ වෙදකමේ ශක්තිය නැවත සමාජය අතරට ගෙන එමින් දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරයා වෙත හිමිවිය යුතු සමාජ ගෞරවය සහ පිළිගැනීම නැවත ලබාදීමට මෙවන් සමුළු තුළින් විශේෂ අවධානයක් යොමු විය යුතු බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරන සමුළුව ඊයේ(23)  සිට 25 වනදා දක්වා කොළඹ වෝටර්ස් ඒජ්හි දී පැවැත්වේ.

පාරම්පරික හා අනුපූරක වෛද්‍ය ක්ෂේත‍්‍රයන්හි පර්යේෂණාත්මකව ඔප්පුකොට ඇති ගෝලීය වටිනාකම් සහිත අත්දැකීම්, දැනුම හා කුසලතා හුවමාරුකර ගැනීමට අවශ්‍ය වේදිකාවක් නිර්මාණය කිරීම මෙම සම්මන්ත‍්‍රණයේ අරමුණ වන අතර විවිධ වෛද්‍ය ක‍්‍රමවල නිපුණතාවයක් දක්වන්නා වූ වෛද්‍යවරුන්ට තමන් සතු සුවිශේෂී වු දැනුම විද්‍යාත්මක ක‍්‍රම පාදක කරගනිමින් පර්යේෂණාත්මකව එළි දැක්වීමට හා රාජ්‍ය, පෞද්ගලික ව්‍යවසායකයන් සමග සම්බන්ධ වීමට අවශ්‍ය පසුබිම මෙමගින් නිර්මාණය කෙරේ.

ඇමරිකාව, එක්සත් රාජධානිය, ඔස්ටේ‍්‍රලියාව, සිංගප්පූරුව, ජපානය, චීනය, ඉන්දියාව, දකුණු කොරියාව, නෙදර්ලන්තය, ඉරානය හා තායිලන්තය යන රටවල්වල විද්වතුන් හා දේශීය විද්වතුන් විසින් පවත්වනු ලබන විද්වත් දේශන 48 ක් මෙම සම්මන්ත‍්‍රණයට ඇතුළත්ය. සම්මන්ත‍්‍රණය අවසානයේ කොළඹ ප‍්‍රඥප්තිය ඉදිරිපත් කරමින් විකල්ප වෛද්‍ය ක‍්‍රම දියුණු කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුන් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ නැගෙනහිර ආසියා කලාපයේ ප‍්‍රාදේශීය අධ්‍යක්ෂිකා ආචාර්ය පුනම් කෙට්ට‍්‍රාපල් සිං මහත්මිය ඇතුළු එහි නියෝජිත පිරිසක් මීට එක්ව සිටියහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

හදිසි වාහන පරීක්‍ෂාවක්

Mohamed Dilsad

ඕනෑම අවස්තාවක ජනාධිපතිවරණයක් පැවැත්ත් විය හැකි – මන්ත්‍රී දිනේෂ් කියයි

Mohamed Dilsad

හොරණ ප්‍රදේශයේ වෙඩි තැබීමක්.අයෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment