ප්‍රමුඛ පුවත 1

ඉන්දු -ශ්‍රී ලංකා ඓතිහාසික සබඳතා මත ඉදිරියට යාම අතිශය වැදගත්- ඉන්දීය ජනපති

(UTV|කොළඹ)  –  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති ඓතිහාසික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්, ආර්ථික හා සංවර්ධන වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අතිශය වැදගත් බව ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා අවධාරණය කළේය.

ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්වය හැමවිටම අද්විතීය හා උණුසුම් මට්ටමකින් පැවති බවත්, වර්තමානයේ ඒ මිත්‍රත්වය වර්ධනය කරලීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබා දෙන නායකත්වය අගය කරන බවත් කෝවින්ද් මහතා පැවසීය.

23 වන දා සන්ධ්‍යාවේ ඉන්දීය ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර නවදිල්ලි නුවර රාෂ්ඨපති භවන් හි දී පැවති සාකච්ඡාවන් හි දී කෝවින්ද් මහතා අවධාරණය කළේ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් දැක්ම තමාගේ අභිලාශය බවය.

ඉන්දියාවේ නව ජනාධිපති පදවියට තේරී පත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත්, කැබිනට් මණ්ඩලයේත් සුබ පැතුම් වික්‍රමසිංහ මහතා කෝවින්ද් මහතා වෙත පිරිනැමීය. අත්දැකීම් බහුල රාෂ්ඨ පාලකයෙකු වන කෝවින්ද් මහතාගෙන් ඉන්දියාවට අතිමහත් සේවයක් සැලසෙනු ඇති බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කරලීම පිළිබඳවත්, දෙපාර්ශවය එක්ව සිදු කරනු ලබන සංවර්ධන කාර්යයන්හි ප්‍රමාදයන් දුරු කරලීම පිළිබඳවත් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ ජනතාවට ඉන්දීය ආධාර යටතේ ලබා දෙන නිවාස වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.

ඉන්දීය විදේශ ලේකම් එස්. ජයිශංකර්, ජනාධිපති ලේකම් සන්ජේ කොථාරි, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සංඳු යන මහත්වරු ඉන්දීය පාර්ශවය වෙනුවෙන් මේ සාකච්ඡාවන්ට එක්වූ අතර, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ අවස්ථාවට එක්වූහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

අගරදගුරුතුමානන්ගෙන් රජයට ඉල්ලීමක්

Mohamed Dilsad

අදින් පසු විදුලිය කපන්නේ නෑ..

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් අගමැති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment