ප්‍රමුඛ පුවත 1

ඉන්දු- ශ්‍රී ලංකා යෝජිත නව ආර්ථික හා තාක්ෂණික ගිවිසුම් ගැන අගමැති සාකච්ඡා වල

(UTV|කොළඹ)  – ඉන්දීය සාගරය ආශ්‍රිත වැඩකටයුතු පිළිබඳවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික හා තාක්‍ෂණ ගිවිසුම පිළිබඳවත් සිය නිල සංචාරයේ දී ඉන්දීය රාජ්‍ය නායකයින් සමඟ සාකච්ඡා කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ අද (24) නවදිල්ලි නුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ඉන්දීය නිල සංචාරය නිම  කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලයේ දී මාධ්‍යවේදීන් හමුවෙමින් මේ බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා දෙරට අතර ආර්ථික සම්බන්ධතාවල මූලික රාමුවට අනුකූලව මෙම ආර්ථික තාක්‍ෂණ ගිවිසුම සැකසීමට අප මෙහිදී තීරණය කළ බව ද අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

ඉන්දියානු සංචාරයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා, විදේශ කටයුතු ඇමැතිනිය සහ ඉන්දීය කොංග්‍රස් පක්‍ෂයේ සභාපතිනී සෝනියා ගාන්ධි මහත්මියත් හමුවී සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මේ සෑම සාකච්ඡාවකදීම අවධානය යොමු කළා.

පසුගිය අප්‍රේල් මාසය වන විට අප එකඟතාවයකට පැමිණ සිටි ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව අගමැතිතුමා සමග පැවැති හමුවේ දී සාකච්ඡා කළා. ඇතැම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රමාදයන් ඇති වී තිබුණා. ඒ වගේම පැහැදිලි කර ගත යුතු කරුණු තිබුණා. මේ සියලු කරුණු පිළිබඳව අපේ අවධානය යොමු වුණා.

මෙහි විශේෂත්වය වන්නේ මෙහි ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වන්නේ ඉන්දියාව හා ජපානය යන රටවල් දෙකම සම්බන්ධ කර ගෙන වීමයි. අද ඉන්දියාව සහ ජපානය අතර තිබෙන මිත්‍රතාවයත්, ආසියානු හා අප්‍රිකානු සංවර්ධන තීරුවේ වැඩකටයුතු පිළිබඳවත් අප සාකච්ඡා කළා.

ඉන්දීය සාගරය ආශ්‍රිත වැඩකටයුතු පිළිබඳවත්, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ආර්ථික හා තාක්‍ෂණ ගිවිසුම පිළිබඳවත් අප මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කළා. අපේ ආර්ථික සම්බන්ධතාවල මූලික රාමුවට අනුකඣලව මෙම ආර්ථික තාක්‍ෂණ ගිවිසුම සැකසීමට අප මෙහිදී තීරණය කළා. දැන් තිබෙන්නේ එම වැඩ කටයුතු අවසන් කොට ඉදිරියට යාමටයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන සියලු පෙත්සම් කැඳවීමට දින නියම කෙරේ

Mohamed Dilsad

ලංකාවේ දෙවන ජාතික රෝහල අද නම් කෙරේ

Mohamed Dilsad

මාරවිල වෙළඳ සලේ ගින්නෙන් මිලියන 150ක හානියක්

Mohamed Dilsad

Leave a Comment