ප්‍රමුඛ පුවත 1

ති‍්‍රරෝද රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරළෙයි

(UTV|නුවරඑළිය) –  අධික වේගයෙන් ධාවනය වු ති‍්‍රරෝද රථයක් ඉහළ කොත්මලේ ජලාශයට පෙරළිමෙන් අනතුරක් සිදුව තිබේ.

ඊයේ( 26) රාති‍්‍ර 9.00 ට පමණ තලවාකැලේ හොලි රූඩි ප‍්‍රදේශයේ සිට තලවාකැලේ නගරය දක්වා ධාවනය වූ ත්‍රිරෝධ රථයක් මෙලෙස පෙරලී ඇති බව තලවාකැලේ පොලිසිය පවසයි.

අනතුරෙන් ති‍්‍රරෝද රථයේ පිටුපස අසුනේ ගමන් ගත් දෙදෙනෙක් බරපතළ ලෙස තුවාල ලබා ලිඳුල රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු  වැඩිදුර ප‍්‍රතිකාර සඳහා නුවරඑළිය මුලික රෝහල වෙත මාරුකර යවා ඇත.

අධික වේගයෙන් ධාවනය වි ඇති ති‍්‍රරෝද රථය ඉදිරියට ප‍්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණී ති‍්‍රරෝද රථයක් මඟ හැරයෑමට උත්සහ කිරිමේදී තලවාකැලේ පුඩළුඔය ප‍්‍රධාන මාර්ගයේ ඉහළ මාර්ගයේ පාලමට මීටර් පන්සීයක් ඉහළින් අඩි අසුවක් පමණ ප‍්‍රපතයෙන් වු ඉහළ කොත්මලේ ජලාශයට පෙරළි ඇත.

ති‍්‍රරෝද රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (27) නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව තලවාකැලේ පොලීසිය පවසයි.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් පැවරී තිබෙන වගකීම් කිසිලෙසකින්වත් පැහැර නොහරින බව ජනපති පවසයි

Mohamed Dilsad

අධිකරණයට නොගිය පුද්ගලයන් රැළිවලට යාපනයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment