විදෙස්

ඉන්දුනීසියා අගන් ගිනි කන්ද යළි සක්‍රිය වෙයි

(UTV|ඉන්දුනීසියාව) – ඉන්දුනීසියානු බාලි දිවයිනේ පිහිටි අගන් ගිනි කන්ද යළි සක්‍රිය වීමත් සමඟ  ඒ අවට වෙසෙන ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇත්තේ ගිනි කන්ද ප්‍රබල පිපිරීමකට ලක්වන බවටය.

විශේෂයෙන් බාලි වෙත ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා මෙම අවදානම් නියෝගය විශේෂයෙන් නිකුත් කර ඇත.

ගිනි කන්දේ මධ්‍ය ආවාටයේ සිට විහිදෙන ගිනි කඳු දුමාරය මේ වන විට අඩි 11 150ක් පමණ ඉහළ අහසේ පැතිර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

මේ නිසා අළු පතිත වන ප්‍රදේශවල ජනතාවට මුහුණු ආවරණය බෙදා දීම එරට රජය කටයුතු කරයි.

මෙම අවධානම නිසා අගන් ගිනි කන්දේ සිට කිලෝමීටර් 6ක වට ප්‍රමාණය සහිත ප්‍රදේශයකින් ජනතාව ඉවත් කර තිබේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණු කොරියානුවන් තරුණ වෙයි

Mohamed Dilsad

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ ඵලදායිතාව වයසත් සමඟ ඉහළ යන බව‍ හෙළිවේ

Mohamed Dilsad

දෙවන එළිසබෙත් රැජින අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment