ප්‍රමුඛ පුවත 1

ජනාධිපතිවරයා දකුණු කොරියාව බලා පිටත් වෙයි

(UTV|කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු වෙලාවකට පෙර දකුණු කොරියාව බලා පිටත්ව ගොස් තිබේ.
ඒ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK 348 දරණ ගුවන් යානයෙන් බව අප වාර්තාකරු පැවසීය.
ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 40 ක් සපිරීමට සමගාමීව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය සිදුවේ.
ජනාධිපතිවරයා  29 වනදා දකුණු කොරියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදී දෙරට අතර ද්වී පාර්ශවීක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ අවධානය යොමුවනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.
මෙම සංචාරය තුළදී ශ්‍රී ලංකාව හා දකුණු කොරියාව අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද  නියමිතව  තිබේ.
එමෙන්ම දකුණු කොරියාවේ ව්‍යාපාරික හමුවකට සහ එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සැළසුම් කර ඇති බව වාර්තාවේ.

Related posts

‘ජන බලයට කොළඹට’ සැප්තැම්බරයට කල් යයි

Mohamed Dilsad

දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු වර්ජනයේ

Mohamed Dilsad

සෞදි පොදු සමා කාළය තුළ ශ්‍රී ලාංකිකයින් 2000ක් භාරවෙයි

Mohamed Dilsad

Leave a Comment