ප්‍රමුඛ පුවත 1

ප්‍රවීන වයලින් වාදන ශිල්පී රුවන් වීරසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි

(UTV|කොළඹ)  – ප්‍රවීන වයලින් වාදන ශිල්පී රුවන් වීරසේකර මහතා අභාවප්‍රාප්ත වෙයි.

ඔහු වසර 2කට අසන්න කාලයක් අසනීප තත්වයෙන් පසුවිය.

දියවැඩියාව රෝගී තත්ත්වය හේතුවෙන් ඔහු සිහි මූර්ජා තත්ත්වයට ද පත්වු අතර මොළයට විෂබීජයක් ඇතුළුව තිබීම නිසා මෙනින්ජයට්ස් නම් තත්ත්වයට ගොදුරුව සිටි බව ද වාර්තා විය.

කෝමා තත්ත්වය සහ විෂබීජ ඇතුළුවීමෙන් වූ සංකූලතා හේතුවෙන්ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කෙරුනේ ඒ හේතුවෙන්.

මීට සිව් දිනකට පෙර රෝගය උත්සන්න වීම හේතුවෙන් ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර අද (28) උදෑසන 7ට පමණ ඔහු ජීවිතක්ෂයට පත්වූ බව පවුලේ ඥාතීන් පවසයි.

මේ වනවිට දේහය එම රෝහලේ තැම්පත් කර ඇති අතර දේහය ඔහුගේ මොරටුව, තෙලවල පාරේ නිවසට රැගෙන යාමට නියමිතයි.

ඔහුගේ අවසන් කටයුතු පැවැත්වෙන දිනය මෙතෙක් තීරණය කර නොමැත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

රිෂාඩ් බදියුදීන් මහතා නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී

Mohamed Dilsad

කතානායකවරයා අද පස්වරුවේ ජනපති සමුවීමට සුදානම්

Mohamed Dilsad

“සොත්ති උපාලි”ගේ පුත්‍රයා අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment