ප්‍රමුඛ පුවත 1

ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දෙනවා – අමාත්‍ය පී.හැරිසන්

(UTV|කොළඹ) – ඉදිරියේ දී සහල් හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන බව ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

“වී ආරක්ෂක තොග මෙ.ටොන් 50,000ක් පවත්වා ගෙන යන්නේ. සහල් අවශ්‍යතාවය නිසා මේ තොගයත් මුදා හැර තිබෙනවා. සහල්වල හිඟයක් තිබෙනවා. නියඟය නිසා අස්වැන්නක් හරියට ආවේ නෑ. මේ ප්‍රශ්නයට මුහුණ දී තිබෙනවා. සතොස හා පෞද්ගලික අංශයත් සහල් ගෙන්වා තිබෙනවා. හිඟයකින් තොරව සහල් ලබාදීමට අතිගරු ජනාධිපතුමා සහ අගමැතිතුමා අවශ්‍ය කටයුතු කර තිබෙනවා. මුලදි ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කළා. සියලු වී තොග සතොස හරහා සහල් බෙදා හරින්න කියලා ජනාධිපතිතුමා නියෝග කළායැයි ද අමාත්‍යවරයා පැවසී ය”.

Related posts

LTTE යට සම්බන්ධ බවට චෝදනා එල්ලවූ මැලේසියානු දේශාපලනඥයෙකු ගැන පරීක්ෂණ

Mohamed Dilsad

ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ නව ආරක්‍ෂක ලේකම් ධුරයට

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් තිදෙනෙක් සොයා ගැනේ

Mohamed Dilsad

Leave a Comment