ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන මැතිවරණය ජනවාරියේ – අගමැති

(UTV|කොළඹ) –  කලින් එකඟ වූ පරිදි ජනවාරි මස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමටත්, ඉන් අනතුරුව, කල් දැමූ පළාත් සභා මැතිවරණය මාර්තු මාසයේදී පැවැත්වීමටත් අදහස් කරන බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කොට ඇත.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇත්තේ ඊයේ (27) පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (පක්ෂ නායක රැස්වීම) සහභාගිවෙමිනි. මෙම අවස්ථාවට සියලු පක්ෂ ප්‍රධානීහු, නීතිපතිවරයා හා මැතිවරණ කොමිෂන් සභා සභාපතිවරයාද සහභාගි වූහ.
ඉදිරි පළාත් පාලන මැතිවරණයට අදාල අධිකරණ වාරණ නියෝගය පිළිබඳ ව අවධානය යොමු කිරීම සඳහා මෙම රැස්වීම විශේෂ හදිසි රැස්වීමක් ලෙස පැවැත්විණි.
අදාළ විෂයභාර අමාත්‍ය ෆවුසර් මුස්තාපා මහතාද විශේෂයෙන් මේ සඳහා එක් විය. රැස්වීම සඳහා එක් වූ සියළු පාර්ශ්වයන් විසින් ඒකමතිකව අවධාරණය කරන ලද්දේ කිසිම හේතුවක් නිසා මැතිවරණය ප්‍රමාද වීමට ඉඩ නොතැබිය යුතු බවය.
පසුගිය දින 100 රජයේ පළාත් පාලන ඇමතිවරයා වශයෙන්  කටයුතු කළ වර්තමාන කථානායකවරයාගේ අනුදැනුමෙන් ජනාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද 21.08.2015 ගැසට් පත්‍රයද  මෙම රැස්වීමේදී පුළුල් ලෙස අධීක්ෂණයට ලක් විය.
එමෙන් ම පසුගිය රජය විසින් පෙර සකස් කර තිබූ සීමා නිර්ණය පිළිබඳ වාර්තාව ප්‍රතික්ෂේප කොට, දින 100 රජයේ පළාත් පාලන ඇමතිවරයා විසින්, එහි අඩංගුව තිබූ යෝජනා දිස්ත්‍රික්  ලේකම්වරුන් සහ  ප්‍රාදේශීය ලේකම්වරුන් සමග සාකච්ඡා කර නැවත නිවැරදි කරන ලෙසද නියෝග කරන ලදී. පළමු වාර්තාව සැකසීමේදී අදාළ නිලධාරීන්  සමග නිසි සම්බන්ධීකරණයක් නොවූයෙන් කිසියම්  ආකාරයක පක්ෂග්‍රාහීත්වයක් සිදුව ඇති බවට එල්ල වී තිබූ චෝදනා හේතුවෙන් එය ප්‍රතික්ෂේප විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

චන්ද්‍රසිරි ගජදීර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

අගමැති අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment