ප්‍රමුඛ පුවත 1

තේ කර්මාන්තයේ නියැලෙන විශිෂ්ටයන්ට සම්මාන පිරිනැමීමට සුදානම්

 (UTV|නුවරඑළිය)  – තේ කර්මාන්ත ක්ෂේත්‍රයේ සිටින විශිෂ්ටයන් තෝරා සම්මාන පිරිනැමීමේ උත්සවයක් පැවැත්වීමට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

මෙම උත්සවය දෙසැම්බර් 8 දා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයට වසර 150ක් සපිරීම නිමිත්තෙන් පසුගියදා නුවරඑළිය මාගස්තොට පිහිටි පීඩෘ වතුයායේදී පැවැති උත්සවයකදීය.

මෙම තේ සම්මාන උත්සවයේ දී ලංකාවේ හොඳම තේ දළු නෙළන්නා සහ නෙළන්නියටත් සම්මාන පිරිනමන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රටේ ආරක්‍ෂාව ගැන කාන්තාවන්ගෙන් ඉල්ලීම්

Mohamed Dilsad

පාඨලී අත්අඩංගුවට ගැනීම පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

මේජර් ජෙනරාල් රුවන් කුලතුංග ජාතික බුද්ධි අංශ ප්‍රධානි තනතුරට.

Mohamed Dilsad

Leave a Comment