ප්‍රමුඛ පුවත 1

ශී‍්‍ර ලංකා – දකුණු කොරියානු ජනපතිවරු අතර නිල හමුවට පෙර අනපේක්ෂිත මිත‍්‍රශීලි හමුවක්

(UTV|දකුණු කොරියාව) – දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමා අතර නිල හමුව හෙට දිනයේ සිදුවීමට නියමිතව තිබුණ ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා පිළිබද සිය පැහැදීම පළ කරමින් ජනාධිපතිතුමා උණුසුම් ලෙස පිළිගැනීමට අද දකුණු කොරියානු ජනාධිපතිවරයා කටයුුතු කර තිබුණි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සිය තෙදින දකුණු කොරියානු රාජ්‍ය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් සෝල් නුවර පෞරාණික බෞද්ධ විහාරස්ථානයක් වන ජොග්යේසා විහාරස්ථානය වැද පුදා ගැනීමට අද (28) පස්වරුවේ එක් වූ අතර, සියලූදෙනා පුදුමයට පත්කරමින් කොරියානු ජනාධිපතිවරයා එහි පැමිණ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පැමිණෙන පෙර මග බලා සිටියේය.

එහිදී ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් කොරියානු ජනාධිපතිවරයා සිය නිල හමුව හෙට දිනට යෙදී තිබුණු ද ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා වෙනුවෙන් මිත‍්‍රශීලි පිළිගැනීමක් ලබාදීමට තමා මෙහි පැමිණි බව කියා සිටියේය.

මෙම නිහතමානී සහ විශිෂ්ඨ පිළිගැනීම වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය සහ ගෞරවය පිරිනැමූ ජනාධිපතිවරයා මෙම හෘදයාංගම මිත‍්‍රශිලිත්වය තම ජීවිතයේ සුවිශේෂි මතක සටහනක් බව ද සදහන් කළේය.

එමෙන්ම මෙය දකුණු කොරියානු ජනාධිපතිවරයා තුළ ශී‍්‍ර ලංකාවත් එහි ජනතාවත් පිළිබද ඇති ගෞරවය සහ පැහැදීම මනාව තහවුරු කරන්නක් බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

තමන් මෙන්ම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ද ගමෙන් පැමිණි නායකයින් ලෙස ජනාධිපති ධූරය දක්වා පැමිණියේ ඉතා දුෂ්කර ගමනක් බව සිහිපත් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා තමන් දෙදෙනාම අද ජනතාව වෙනුවෙන් ජනතාවාදී සේවයක් ඉටු කිරීමට කැපව සිටින බව සදහන් කළේය.

එමෙන්ම දෙරටට පොදු තත්ත්වයන් රැසක් පවතින බව සදහන් කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා රටවල් දෙකම අධිරාජ්‍යවාදයට යටත්ව සිටී අතර, යුද අත්දැකීම්වලට ද මුහුණදී අවසානයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජයග‍්‍රහණය කළ රටවල් බව කියා සිටියේය. යුද ජයග‍්‍රහණයෙන් පසු සීග‍්‍ර සංවර්ධනයක් කරා පිය මනිමින් වංචාව හා දුෂණයට එරෙහිව සටන් කිරීමට ද රටවල් දෙකම කටයුතු කරමින් සිටින බව ද දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේය.

මෙම තත්ත්වයන් තුළ රටවල් දෙක අතර සුවිශේෂී සබදතා රැසක් ඉදිරියේ දී නිර්මාණයවනු ඇති බවට දකුණු කොරියානු ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

දෙරටේ නායකයින් වෙත මෙහිදී සිය ආශිර්වාදය පළ කළ ජොග්යේසා විහාරස්ථානයේ ප‍්‍රධානී පූජ්‍ය Seol Jeong හිමියන් නිහතමානී නායකයින් දෙදෙනෙකු ලෙස ජනාධිපතිවරු දෙදෙනාම තම රටවල් නිසැකයෙන්ම අභිවෘද්ධිය කරා ගෙන යනු ඇති බව සදහන් කළේය.

1913 අනගාරික ධර්මපාලතුමා විසින් ජොග්යේසා විහාරස්ථානයේ තැන්පත් කරන ලද සර්වඥ ධාතුන් වහන්සේ වැදපුදා ගැනීමට අවස්ථාවක් ලැබීම පිළිබදව ද ජනාධිපතිවරයා මෙහිදී සිය සතුට පළ කළේය.

අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරළ, මලික් සමරවික‍්‍රම යන මහත්ම මහත්මීන් ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/PRESIDENT-@-SOUTH-KORIA-7.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/PRESIDENT-@-SOUTH-KORIA-8.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/11/PRESIDENT-@-SOUTH-KORIA-9.jpg”]

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙකු ජනපති අතින් අක්ත පත්‍ර භාර ගනී

Mohamed Dilsad

අද සිට කන්කසන්තුරේ යන ශ්‍රී දේවි [video]

Mohamed Dilsad

විපක්‍ෂ නායක සහ ජවිපෙ අතර සාකච්චා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment