Trending News

ගෝඨාභයගේ ඉල්ලීමට අතුරු තහනම් නියෝගයක්

(UTV|කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් දෙසැම්බර් මස 6 වනදා දක්වා වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරයි.

තමන්ට එරෙහිව පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ(28) පෙත්සමක් ගොනු කළේය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පෙත්සම මගින් පවසන්නේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පොදුදේපොළ පනත යටතේ කටයුතු කිරීමේ සූදානමක් පවතින බවයි.

එසේ කටයුතු කර අත්අඩංගුවට ගෙන ඇප නොදී රඳවා ගැනීමේ සුදානමක් පවතින බවද ඔහු මෙම පෙත්සමේ සඳහන් කර තිබේ.

ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනා එල්ල විය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර තිබුණි.

Related posts

Sri Lanka to borrow USD 1 billion from China for highway project

Mohamed Dilsad

Chinese Naval Ships mark their departure

Mohamed Dilsad

சமூகங்களை துருவப்படுத்தும் உணர்ச்சியூட்டல்கள்.

Mohamed Dilsad

Leave a Comment