ප්‍රමුඛ පුවත 1

සයුරළ නෞකාව කොළඹ වරායට

(UTV|කොළඹ) –  අග්නිදිග ආසියාතික රාජ්‍යයන්ගේ අන්තර්ජාතික නෞකා පිරික්සුම (ASEAN IFR 2017) සහ නාවික අභ්‍යාසයන්ට සහභාගී වීම සඳහා ගිය සයුරළ නෞකාව ඊයේ (28) යළි කොළඹ වරායට සේන්දු වී
තිබේ.
පසුගිය නොවැමිබර් මස 09 වන දින දිවයිනෙන් පිටත් වූ මෙම සයුරළ නෞකාව දින 21 ක සාර්ථක සංචාරයකින් අනතුරුව මෙලෙස කොළඹ වරායට පැමිණ ඇත.
එහිදී නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.
එහිදී ඔවුන් සංචාරයේ ප්‍රගතිය, එහි ක්‍රියාකාරම් ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසඳරක නිරත වී තිබේ.
එම අන්තර්ජාතික නෞකා පිරික්සුමට සහභාගී වී සිටි අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර සහ සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නිශාන්ත අමරෝසා යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නොවැම්බර් මස 17 වන දින පතායා නගරයේ ආණ්ඩුකාර පොලිස් මේජර් ජනරාල් ඒ.එන්.ඒ.එන්. චරෝඑන්චාශ්‍රී මහතා නිල වශයෙන් හමුවිය.
එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද කථාබහක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.
එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තායිලන්ත රාජකීය නාවික හමුදා මූලස්ථානයේදී, තායිලන්ත රාජකීය නාවික හමුදා ප්‍රධානී, අද්මිරාල් රන්සැරට් සටායානකල් මහතා හමුවිය.
එහිදී නාවික සම්ප්‍රදායානුකූලව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එදින පැවති නිල උත්සවය සඳහා ද ඔවුන් සහභාගී වූ අතර, නෞකා පිරික්සුම සඳහා රටවල් නියෝජනය කරමින් පැමිණි නෞකාවන්ගේ උසස් නිලධාරීන් මෙන්ම එම රටවල්වල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් එම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
ඒ අනුව, නොවැම්බර් මස 20 වන දින තායිලන්තයේ පතායා මුහුදු ප්‍රදේශයේදී එරට අග්‍රාමාත්‍යතුමන්, ආරක්ෂක අමාත්‍යතුමන්, තායිලන්ත නාවික හමුදාපතිතුමා සහ චොන්දුරි ප්‍රදේශයේ ආණ්ඩුකාරතුමන්ගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාතික නෞකා පිරික්සුම සිදු කරන ලදී. එම අවස්ථාවේදී සයුරළ නෞකාව මඟින් සිදු කරනු ලබන ආචාරය සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් කපිල සමරවීර මහතා, නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නිශාන්ත අමරෝසා, විධායක නිලධාරී, කොමාණ්ඩර් චමින්ද කරුණාසේන යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නැව් මුළුව සහභාගී විය.
අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයට වසර 50 ක් සපිරීම නිමිති කර ගනිමින් 2017 නොවැම්බර් මස 18 වන දින සිට 21 වන දින දක්වා තායිලන්තයේ පතායා මුහුදු ප්‍රදේශයේදී මෙම නෞකා දැක්ම පවත්වන ලදී. එහිදී නෞකා දැක්ම මෙන්ම නාවික අභ්‍යාසයන් සඳහා අග්නිදිග ආසියාතික රටවල් 19 ක් නියෝජනය කරමින් ‍යුද නෞකාවන් 26 ක් සහභාගී විය.
මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ සයුරළ නෞකාව මෙවන් විදේශ අභ්‍යාසයක් සඳහා සහභාගී වූ ප්‍රථම අවස්ථාව බවට එය සනිටුහන් වන අතර, 1965 වර්ෂයෙන් පසුව ශ්‍රී ලංකා නාවික නෞකාවක් දීර්ඝ නාවික සංචාරයක් සඳහා එක් වූ පළමු අවස්ථාව ලෙස ද මෙය වේ.
 මෙම නිල සංචාරය සඳහා නිලධාරීන් 18 දෙනෙකුන් සහ නාවිකයන් 109 දෙනෙකුගෙන් සමන්විත කාර්යය මණ්ඩලයක් සහභාගී විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

කේරල ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

වැඩිම පළි ගැනීම කළ ආණ්ඩුව මෙය බව හිටපු ජනපති කියයි

Mohamed Dilsad

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කෙරේ

Mohamed Dilsad

Leave a Comment