ප්‍රමුඛ පුවත 1

2017 ඡන්ද හිමි නාමලේඛන දැන් පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනයේ

(UTV|කොළඹ) – ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 93හි ඡන්ද විමසීම් සඳහා භාවිතා කරනු ලබන්නේ 2017 වර්ෂය සඳහා වූ ඡන්ද හිමි නාමලේඛනය බවත් එම නාමලේඛනය තේරීම් භාර නිළධාරීන් විසින් ඒ ඒ පළාත් පාලන ආයතනවල ප්‍රදර්ශනය සඳහා තබා ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනය කරයි.

ස්වකීය නම නිසි පරිදි අදාළ පළාත් පාලන ආයතනයේ නාමලේඛනයේ ඇතුළත්ව නැති බව යම් ඡන්දහිමියකුට පෙනී යන්නේ නම් හෝ නුදුසුදු අයකුගේ නම් ඇතුළත්ව ඇති බව පෙනී යන්නේ නම් හෝ ඒ බව 2017 දෙසැම්බර් 05 දින හෝ එදිනට පෙර ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ තේරීම්භාර නිළධාරි වෙත ලියවිල්ලකින් දැනුම් දිය හැකි බව ද මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා දන්වා සිටී.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

චීන ආරක්‍ෂක විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොටහේනදී අත්අඩංගුවට

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment