ව්‍යාපාරික

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස චින්තක එස්. ලොකුහෙට්ටි මහතා වැඩ බාර ගත්තේය.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකුවන ලොකුහෙට්ටි මහතා කෙළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා ගෞරව උපාධිධාරියෙකි. බ්‍රිතාන්‍යෙය් බර්මිංහැම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් ලැබ ප්‍රතිපත්ති සැලසුම් හා ක්‍රමෝපායයන් පිළිබඳ එම්.බී.ඒ. උපාධිය ලබාගත් හෙතෙම කොළඹ විශ්වවිද්‍යාලයේ ම ක්‍රමෝපායික සැළසුම් හා සංඛ්‍යාන විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියකු ද වෙයි.

1984 වර්ෂයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය ආරම්භ කළ හෙතෙම පසුව කථිකාචාර්යවරයකු බවට පත්වූයේය.

1990 දී රාජ්‍ය පරිපාලන සේවයට එකතුවන ලොකුහෙට්ටි මහතා හබරාදුව, බද්දේගම සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව 1995 වර්ෂයේ දී බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස කටයුතු කළේය.

ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ උපදේශකයකු ලෙස පත්වූ ඒ මහතා විවිධ ආයතන සඳහා සංයුක්ත සැළසුම් සහ නව ආයතනික සැළසුම් හා ක්‍රමෝපායික සැලසුම් සකස් කිරීමේ කාර්යයේ පුළුල් වශයෙන් නිතර විය. එමෙන් ම නායකත්වය, කළමනාකරණය, යහපාලනය පිළිබඳ උපදේශකයකු හා දේශකයකු ලෙස රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ සංවිධාන වෙත තම සේවය ලබා දෙමින් ලොකුහෙට්ටි මහතා දීර්ඝ කාලයක් සිය සේවය ලබා දී ඇත.

දකුණු පළාත් සභාවේ පරිවාස හා ළමාරක්ෂණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ චින්තක ලොකුහෙට්ටි මහතා එම පළාත් සභාවේ සමූපකාර හා වෙළෙඳ, මහාමාර්ග හා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වරයා ලෙසත්, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පරිවාස හා ළමා ආරක්ෂණ, සමාජසේවා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, ක්‍රීඩා හා තරුණ කටයුතු, ග්‍රාම සංවර්ධන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් කටයුතු කළේය.

රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ලෙස දකුණු පළාත් සභාවේ අමාත්‍යාංශ හතරක ම ලේකම්වරයා ලෙස කටයුතු කළ චින්තක ලොකුහෙට්ටි මහතා පසුව මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා ලෙස ජනවාරි 13 දින වැඩ භාර ගත්තේය. නමුත් ඒ මහතාට එම ධූරයේ කටයුතු කරන්නට ලැබුණේ සතියක කාලයක් පමණි. ජනවාරි 20 දා ඔහු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස රාජකාරී ආරම්භ කළේය.

Related posts

සඳුදා සිට ගෑස් හිගය අවසන්

Mohamed Dilsad

ලංගමට නවීන බස් රථ 2000ක්

Mohamed Dilsad

දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් නව සංචාරක කලාප

Mohamed Dilsad

Leave a Comment