Trending News

මිලාදුන් නබි දිනය වෙනුවෙන් ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම්

(UTV|කොළඹ) – ලොව සියලු ආගමික ජනයෝ ශාස්තෘන්වහන්සේලා ප්‍රගුණ කළ ඉවසීම, දයාව සහ සෙනෙහස වඩාත් වර්ණවත් කරමින් මෙවර ජාතික මිලාදුන් නබි  උත්සවය යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීම අගය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මිලාදුන් නබි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. එම පණිවිඩයේ මෙසේ ද සඳහන් වේ.

ශ්‍රී ලංකාව විවිධ ජාතීන්ගෙන් සහ විවිධ සංස්කෘතීන්ට අනුගත විවිධ ආගම් සහ ලබ්දීන් අදහන ජනතාවගෙන් සමන්විත විවිධත්වය තුළ ඒකීයත්වය ද ඒකීයත්වය තුළ විවිධත්වය ද සුසංයෝගී කරගනිමින් මනුෂ්‍යත්වයේ විචිත්‍රත්වය විදහා දක්වන රාජ්‍යයකි. මේ රමණීය භූමිය විවිධ ආගමික උත්සවවලින් සිය සහජීවනය ප්‍රකට කරනුයේ දුරාතීතයේ සිටය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/12/Nabi-Msg-Sin-president.jpg”]

මේ අතර පරිත්‍යාගශීලීත්වය, සමානාත්මතාව, සහජීවනය, සහෝදරත්වය, ඉවසීම, මිත්‍රශීලී සහ නම්‍යශිලී ප්‍රතිපත්තිවලින් යහපත් සමාජයක් බිහි කළ හැකි බව ‍මොහොම්මද් නබිනායකතුමා ලෝකයට පෙන්වාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මිලාදුන් නබි දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් අගමැතිවරයා පවසා ඇත්තේ එතුමා දැහැමි සමාජයක් උදාකිරීමෙහිලා පුරෝගාමී සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබූ ශාස්තෘවරයෙකු බවයි.

එම පණිවුඩයෙහි අග්‍රාමාත්‍යවරයා මෙසේ ද දක්වා තිබේ.

ඉස්ලාමීය ධාර්මික විශ්වාසය අනුව දෙවියන් වහන්සේ විසින් මොහොම්මද් නබිනායකතුමා ඉස්ලාම් ආගමේ අවසන් නබිතුමන් ලෙස තෝරාගනු ලැබූ අතර, එතුමා දැහැමි සමාජයක් උදාකිරීමෙහිලා පුරෝගාමී සුවිශේෂ මෙහෙවරක් ඉටුකරනු ලැබූ ශාස්තෘවරයෙකි. ඉතාමත් සරල, අල්පේච්ඡ, යහපත් දිවිපෙවෙතක් ගතකරමින්, ධර්මය ප්‍රායෝගිකව ජීවත් කරවූ නබිතුමා සෙසු ලෝකයාට පෙන්වා දුන්නේ පරිත්‍යාගශීලීත්වය, සමානාත්මතාව, සහජීවනය, සහෝදරත්වය, ඉවසීම, මිත්‍රශීලී බව සහ නම්‍යශීලී ප්‍රතිපත්ති මගින් යහපත් සමාජයක් බිහි කළ හැකි බවය.

සවුදි අරාබියේ, මදීනා නගරයේ පරම්පරා ගණනාවක් පැවැති ගෝත්‍රික ගැටුම් සමථයකට පත්කර සාමකාමී පරිසරයක් බිහි කිරීමට එතුමෝ සමත් වූහ.

අප රටේ තිරසර සාමය, සංහිඳියාව ගොඩනැගීමට මොහොමද් නබි නායකතුමා පෙන්වා ‍දුන් ජීවන දර්ශනය කොතරම් වැදගත් වන්නේ ද යන්න අවධාරණය කිරීමට මිලාදුන් නබිනායක ජන්ම දින සැමරුම ද කදිම අවස්ථාවක් වනු ඇත.

ශ්‍රී ලංකාවාසී සහෝදර මුස්ලිම් ජනතාව ඇතුළු සමස්ත ලෝකවාසී මුස්ලිම් බැතිමතුන්ට සුබ මිලාදුන් නබි උත්සවයක් වේවායි ප්‍රාර්ථනය කරමි.

Related posts

Serena Williams says she can be better than before pregnancy break

Mohamed Dilsad

ஓமல்பே சோபித்த தேரருக்கு மேடையில் வைத்து பதில் வழங்கிய ரிஸ்வி முப்தி (video)

Mohamed Dilsad

රථවාහන පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුමේ කැමරා සවිකරයි.

Editor O

Leave a Comment