Trending News

දළ පුට්ටුවාගේ ඝාතනයට සම්බන්ධ 5 ක් අත්අඩංගුවට

(UTV|කොළඹ)  – ගල්ගමුව දළ පූට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කළේය.

දළ පූට්ටුවා ඝාතනය කිරීම සදහා යොදා ගත් ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන ගජ මුතුවක්ද සොයා ගත් බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරගොල්ලාගම සියඹලාව සහ නිකවැව ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සොයා ගෙන තිබේ.

ඔවුන් අද මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

உண்மையை வெளியிட்ட பிரபல நடிகை?

Mohamed Dilsad

செல்பி எடுக்க முற்பட்ட இருவர் கடலில் விழுந்து மாயம் காலியில் சம்பவம்

Mohamed Dilsad

அரசியல் முடிவுகளை கோர்ட்டுகள் எடுக்க முடியாது

Mohamed Dilsad

Leave a Comment