දේශීයප්‍රමුඛ පුවත 1

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

(උදයම්, කොළඹ) –
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව මෙම විමර්ශනය සිදුකරන බවයි.

ඊයේ (03) රාත්‍රී 9.00ට පමණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම අමාත්‍යාංශය පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයට පැමිණිලි ඉදිරිපත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙබ් අඩවියේ දත්තවලට හානියක් සිදුවී නොමැත.

Related posts

කටාන ප්‍රදේශයේදි පාර්සලයක් පුපුරුවා හැරේ..

Mohamed Dilsad

පිළියන්දලදී එඩි ප්‍රහාරයට ලක්වූ දැරිය මිය යයි

Mohamed Dilsad

රාජිතට විදෙස් ගමන් තහනම් කරයි

Mohamed Dilsad

Leave a Comment