ප්‍රමුඛ පුවත 1

අයහපත් කාලගුණයෙන් සිදු වූ හානිය අවම වුණේ දැනුවත් කිරීම නිසයි – සභානායක

කොපමණ නවීන උපකරණ ගෙනාවත් ස්භාවධර්මය සමඟ සටන් කිරීමට නොහැකියි.අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දිගින් දිගටම සිදු කළ දැනුවත් කිරීම් නිසා ජීවිත හා දේපළ හානිය අවම කරගැනීමට හැකි වූ බව සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පසුගිය දිනවල රටේ ඇති වූ හදිසි ආපදා තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අද (4) පාර්ලිමේන්තුවේ දී
මේ බව පැවසී ය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් කර තිබෙනවා. විශේෂ කාලගුණික නිවේදනයක් ඉදිරි පැය 18 නිකුත් කරමින් ධීවර ප්‍රජාව දැනුවත් කර තිබෙනවා.දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු රළුවිය හැකි වීම හා
තද සුළං ඇතිවීම පිළිබඳව ජනතාව දැනුවත් කර තිබෙනවා.

බෙංගාල බොක්කේ කැළඹිලි තත්ත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමක් සිදු වී නැත. මේ පිළිබඳව අනතුරු ඇගවීම් කර තිබෙනවා. ඉන්දියානු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත් කර
තිබෙනවා.ලෝක කාලගුණවිද්‍යා සංවිධානය මඟින් හා අනෙකුත් ආයතන තොරතුරු මඟින් සුළි සුළඟක් වන බවක් වාර්තා කර නෑ.

ආපදා තත්ත්වයක් සිදුවීමෙන් ජීවිත හානි අවම කරගැනීමට හැකි වූයේ දැනුවත් කිරීම තුළිනි. ධීවර ජනතාවගේ දේපළ ජීවිත බේරාගැනීමට හැකි වුණේ දැනුවත් කිරීම මඟින්. පක්ෂ නායක රැස්වීමක් කැඳ වූවා. විදුලි කටයුතු
යථත්ත්වයට පත් කරන ලෙස උපදෙස් දුන්නා. අනාවැකි දියුණු කිරීමට කටයුතු කරනවා. ආපදා අවම කිරීම්,ආපදාවකට මුහුණු දීම, ලබාදිය යුතු සේවාවන්, ඒකාබද්ධ වැඩසටහන් අපවත්වා ක්‍රියාමාර්ග ගෙන
තිබෙනවා.

නාය යැම් ප්‍රදේශවලින් පුද්ගලයන් 14860 ඉවත් කර ආරක්ෂිත ස්ථානවලින් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අරන් අවසන්. මිලියන 2.5 ක නිවාස වන්දියක් ගෙවනු ලබනවා. සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට වන්දි ලබාදෙනවා.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

රාජිතගෙන් තෙවන වරටත් අපේක්ෂිත ඇප අයදුම්පතක් [UPDATE]

Mohamed Dilsad

දුම්රිය සේවාව යළිත් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස දීර්ඝ කෙරේ (වීඩියෝ)

Mohamed Dilsad

20 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධන පනත් කෙටුම්පත නිකුත් කරන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment