ප්‍රමුඛ පුවත 1

පළාත් පාලන මැතිවරණය පෙබරවාරි 17 ද?

(UTV|කොළඹ) –පෙබරවාරි මස 17 වැනිදා හෝ ඊට පෙර දිනයක පළාත් පාලන ඡන්ද විමසීම පවත්වන බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පිළිබඳව අද(04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ය.

පළාත් පාලන ආයතන 93ක නාම යෝජනා ලබන 11 වනදා සිට 14 වනදා මධ්‍යහන 12.00 දක්වා භාරගැනීම සිදුකරන බව මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.

අනෙක් සභා 248 සඳහා නාමයෝජනා භාර ගැනීම ලබන 18 වැනිදා සිට 21 මධ්‍යහන 12.00 දක්වා ආරම්භ කෙරුණු අතර එය ලබන 13 වැනි දා මධ්‍යහන 12.00ට අවසන් වීමට නියමිතය. සභා 248 සඳහා ඇප මුදල් තැන්පත් කිරීම මේ මස 20 වැනි දා මධ්‍යහන 12.00 දක්වා සිදුකළ හැකිය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මන්ත්‍රී මහින්දානන්දගේ නඩුව කල් යයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමෙන් බාධා

Mohamed Dilsad

පහ වසර ශිෂ්‍යත්ව විභාගය නව ක්‍රමවේදයකට -කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේදී

Mohamed Dilsad

Leave a Comment