ව්‍යාපාරික

Dell Inspiron 7000 නෝට්බුක් පරිගණකය දැන් වෙළඳපලේ

(UTV|කොළඹ) – Dell සමාගම විසින් සිය නවතම Inspiron 7000 මාලාවේ නෝට්බුක් පරිගණකය එළිදැක්වීම පසුගියදා සිදු කරනු ලැබීය.

බහු කාර්යයන් සදහා යෙදවිය හැකි මෙවලක් ලෙස මෙම Inspiron 13 7000 මාලාවේ නෝට්බුක් පරිගණකය ඉහළම තත්ත්වයේ දර්ශන මට්ටමකින් සහ කුඩා පියසටහනක් (Footprint) මගින් ප්‍රබල ක්‍රියාකාරීත්වයක් රැගෙන එයි.

එසේම FHD IPS තාක්‍ෂණයේ ස්පර්ශ සංවේදී තිරය, ඩිජිටල් ඇඳීම් සදහා යොදාගන්නා පෑන මෙන්ම, ලිවීම සහ සටහන් තබාගැනීම සදහා ඉතා පහසුවෙන් යොදා ගත හැකිය.

තවද, එමගින් චිත්‍රපට ආදිය නැරඹීමේ දී සහ වීඩියෝ සංවාදවලදී බාධාවකින් තොරව එය අත්විදීම පිණිස Dell හි සම නිපැවුම් තාක්‍ෂනයක් වන SmartByte උපයෝගී කරගෙන ඇති අතර එය අනෙකුත් ජලමය ක්‍රියාකාරකම්වලට ඉදිරියෙන්, streaming සහ සංවාදමය තාක්‍ෂණය තබා ක්‍රියාකරන්නකි.

මේ සියල්ලට අමතරව මෙම නවතම නෝට්බුක් පරිගණකය දිගු ආරොපණ කාලයක් සහ පිළිගත් SSD හෝ විකල්පමය PCle NVMe SSD ඔස්සේ මෘදු ක්‍රියාකාරීත්වයක් පිරිනමයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් Dell හි දකුණු ආසියානු සංවර්ධන වෙළඳපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී හජ්රීට් සින්ග් රේඛී මහතා කියා සිටියේ, “ අපේ Dell Inspiron 7000 මාලාවේ නෝට්බුක් පරිගණක Intel හි 8th Generation Core Processor මගින් ජවලබන, නවීනතම පන්නයේ සැලසුමකින් යුත් පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී ක්‍රියාකාරීත්වයක් සහ අගනා අත්දැකීමක් පරිනමනවා’ යනුවෙනි.

අඟල් 13, මනා පොහොසත් දර්ශන තිරයක් සමගින්, සිහින්, ආනත, ඔපදැමූ ඇලුමේනියම් හැඩැති Dell Inspiron 7000නෝට්බුක් පරිගණකය ප්ලැටිනම් සිල්වර් හෝ Pink Champagne පැහැයෙන් යුක්ත වේ. මිලිමීටර 15.19ක් තරම් සිහින් සහ බරින් කිලෝග්‍රෑම් 1.4ක් තරම් සැහැල්ලු මේ ලැප්ටොප් පරිගණකය සවිමත් නිමාවකින් යුක්තය. එහි වන FHD IPS තාක්‍ෂණයෙන් යුත් තිරය ඉතාම සුපැහැදිලි දසුනින් යුක්තය. පළල් කෝණයක සිට බැලුවද එම තිරය මත ඇති දසුන ප්‍රකෘතිමක්ව පෙනෙයි.

එසේම මීට අමතරව Windows Hello සහ IR කැමරාව මගින් හෝ ඇඟිලි සළකුණ හදුනාගැනීමේ ක්‍රමවේදය මගින් රහස් කේතය ඇතුලත් නොකර ප්‍රවේශ වීමේ හැකියාව පවතී.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සූර්යබල විදුලි ක්ෂේත්‍රයට නව නැම්මක්

Mohamed Dilsad

සංචාරක කර්මාන්තය නගා සිටුවීමට මිලියන 3.5ක ප්‍රදානයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා – පාකිස්තානය තරඟය හෙට

Mohamed Dilsad

Leave a Comment