ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදීන් වෙනුවෙන් සම්පූර්ණ නිදහස ලබාදී තිබෙනවා – අගමැති

පසුගිය රජය යටතේ මෙරට මාධ්‍යවේදීගේ ජීවිත හා දේපළ නැති වී ගිය  අතර මේ  වන විට ඇති වී තිබෙන ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය තුළ සම්පූර්ණ මාධ්‍ය නිදහස ලබා දී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

ජනමාධ්‍යවේදීන්ට සිදුවන ප්‍රචණ්ඩත්වයට එරෙහි ජාත්‍යන්තර සම්මන්ත්‍රණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) කොළඹ දී ආරම්භ වූ අතර එහිදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවත්වනු ලබන මෙම සමුළුව මාධ්‍යවේදීන්ට ඉතා වැදගත්  බව පෙන්වා දුන් අගමැතිවරයා මේ සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය හිමිකරුවන් හා ප්‍ර‍ධානීන් තුළ ද උනන්දුවක් තිබිය යුතු බව ද පෙන්වා දුන්නේය.

මේ අතර,අද වන විට සමාජ මාධ්‍යයන්හි ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේද ඉතා සිඝ්‍රයෙන් ප්‍ර‍චලිත වී ඇති බැවින් සිය අදහස් ඕනෑම අවස්ථාවක ජනගත කිරීමේ හැකියාව මාධ්‍යවේදීන්ට ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙහිදී පැවසීය.

පසුගිය රජය කාලයේ දී මාධ්‍ය නිදහස අහිමි කළද 2015දී බලයට පත් වූ අප රජය ඕනෑම මාධ්‍යවේදියෙකුට සයිබර් හා සාම්ප්‍ර‍දායික මාධ්‍ය අවකාශය තුළින් තම අදහස් ප්‍ර‍කාශ කිරීමේ සම්පූර්ණ නිදහසක් ලබා දි තිබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉදිරියේදී ද මෙම පූර්ණ මාධ්‍ය නිදහස ඇතිව කටයුතු කිරීමේ අවස්ථාව ස්ථාවර වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

යුනෙස්කෝ සංවිධානයේ සහකාර අධ්‍යක්ෂ Fanke La Rue මහතා විසින් වීඩියෝ පණිවිඩයක් ඉදිරිපත් කළේය.

යුනෙස්කෝ සංවිධානයේ මාධ්‍ය සංවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ගයි බර්ගර් මහතා මෙහිදී විශේෂ දේශනක් සිදු කළේය. ඒ මහතා මෙම අවස්ථාවට සහභාගි වෙමින් ප්‍ර‍කාශ කළේ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල නිදහස් මාධ්‍ය කෙතරම් දුරට භාවිතයේ යෙදවේද යන්න පිළිබඳවයි. ඒ අනුව මාධ්‍ය භාවිතය සහ දැනුම සමාජගත කිරීම ඉතා වේගයෙන් මාධ්‍ය හරහා සිදු වන අතර මෙහිදී සිදු වන ජනගත වීම අනුව ජනතාවගේ අදහස් හා පරිකල්පනයක්හි වෙනසක් ඇති කිරිමට සමත්ව ඇති බව ද ගයි බර්ගර් මහතා සඳහන් කළේය.

 

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතා මහතා,  මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා, අතිරේක ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා, දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බහුදින ධීවර යාත්‍රා 44ක් ඉන්දීය හා මාලදිවයින් මුහුදු ප්‍රදේශ දෙසට

Mohamed Dilsad

ඉන්ධන මිල සූත්‍රයේ වෙනසක් නැහැ

Mohamed Dilsad

රජයේ අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි

Mohamed Dilsad

Leave a Comment