(UTV|කොළඹ) – “අයවැය යටතේ ඉතාමත් වැදගත් අමාත්‍යාංශ දෙකක කාර්යයන් පිළිබඳව සාකච්ජා වන අවස්ථාවේ ඊට සහභාගිවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. විශේෂයෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයත් නිදහස් අධ්‍යාපනයත් ඒවගේම නිවාස සංවර්ධන වැඩසටහනත් ගෙවී ගිය අවුරුදු 03 ක කාලසීමාව තුළ ඉතාමත් උසස් විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කළ අමාත්‍යාංශ සහ වැඩසටහන් කියන එක මා ඉතාම පැහැදිලිව සඳහන් කරන්නට ඕනෑ.
සජිත් පේ‍්‍රමදාස ගරු අමාත්‍යතුමා නිවාස සංවර්ධන වැඩසටහන ඉතාමත්ම දක්ෂ ලෙස ඉලක්ක සහගතව කාර්යශූරව ඉටු කරන දක්ෂ ඇමතිවරයෙක්. ජාතික නිවාස සංවර්ධන වැඩසටහන ඉතාම සාර්ථකව කර ගෙන යාම පිළිබඳව එතුමාට සහ ඒ සඳහා සහයෝගය දක්වන කාර්යමණ්ඩල ඒ සෑම කෙනෙකුටම මා ස්තුතිවන්ත වෙනවා මම අද විශේෂයෙන්ම සහභාගි වුණේ. ගරු සභාපතිතුමනි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සාකච්ජා වන නිසයි. නිදහස් සෞඛ්‍ය සේවාව පිළිබඳව අපි ලබා ඇති ප්‍රගතිය වගේම අපේ අනාගත ඉලක්ක බලාපොරොත්තු සහ අපේක්ෂාවන් සමග මේ රටේ සෞඛ්‍යසම්පන්න නිරෝගිමත් ජනතාවක් බිහිකිරීමේ ඒ උතුම් කාර්යයට අප සියලූදෙනාගේම දායකත්වය දීම අවශ්‍ය නිසයි.
ආරෝග්‍යා පරමා ලාභා – සන්තුෂ්ටි පරමං ධනං බුදුන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මිනිසෙකුගේ පරම ලාභය නිරෝගීකම බවත් පරම ධනය සතුට බවත්ය. අද ලෝකයේ බොහෝ වෙලාවට ආර්ථික සංවර්ධනය පිළිබඳව සාධකවලදි ඒකපුද්ගල ආදායම තමයි ගණනය කරන්නේ. නමුත් අපි දන්නවා රටක සතුටින් සිටින මිනිසුන් සංඛ්‍යාව මත තමයි ඒ රටේ සමාජයේ තිබෙන ආධ්‍යාත්මික සංවර්ධනය පෙන්නුම් කරන්නේ. ඒ ආධ්‍යාත්මික සංවර්ධනය පෙන්නුම් කිරීමේදී අපි රජයක් විදියට ඉලක්ක කරන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව. ඒවගේම නිදහස් අධ්‍යාපනය. ගරු සභාපතිතුමනි මේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යට නිදහස් කියන වචන එක් වූයේ කෙසේද කියන කාරණාව ඉතා වැදගත්. යම් බරක් යම් ප්‍රශ්නයක් ඉවත් වූ විට එය නිදහස් කියන අර්ථය බොහෝ විට යෙදෙනවා අපි ඉතාම සරල විදියට ගත හොත්. මේ රටේ ජනතාවට සෞඛ්‍ය සේවාව පිළිබඳව බරක් නැහැ.
මේ රටේ ජනතාවට අධ්‍යාපනය පිළිබඳව බරක් බැහැ. නිදහස් සෞඛ්‍ය සේවාවේ සහ නිදහස් අධ්‍යාපනයේ ගෙවී ගිය දශක කීපය තුළ අපි ඉතාමත්ම විශිෂ්ට ප්‍රතිඵල පෙන්නුම් කරලා තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ජාතියක් විදියට සතුටු වෙන්න පුළුවන්කම තිබෙනවා. අපි සෞඛ්‍ය සේවාව පිළිබඳව කතාකළොත් සෞඛ්‍ය අමාත්‍යතුමා බොහෝම පැහැදිලි ලෙස කරුණු රාශියක් ඉදිරිපත් කළා. අපි මේ අවුරුදු තුනේ සෞඛ්‍ය සේවාව ගොඩනැගීම සඳහා ගත් ක්‍රියාමාර්ග පිළිබඳව. මම ඉතාමත් සතුටු වෙනවා අපේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා පිළිබඳව. නිදහසේ කටයුතු කරන්නට ලැබුණු පින්වන්ත ඇමතිවරයෙක් තමයි මම දකින්නේ. ඒ මොකද මම සෞඛ්‍ය ඇමතිවරයා විදියට හිටපු අවුරුදු පහේ මට තිබුණු මානසික පීඩාවන් සහ බර කොච්චර ද කියලා මම දන්නවා. ඖෂධ පනත සම්මත කර ගන්න තිබුණු අමාරුව. සිගරට් දුම්කොළවලට විරුද්ධව නීති සම්මත කර ගන්න තිබුණු ගැටලූ සහ ප්‍රශ්න ඒ පිළිබඳව ඇති වුණු අභියෝගය. අද ජනාධිපතිවරයාගේ සම්පුර්ණ ආශිර්වාදය මත නිදහස් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් නිදහසේ වැඩ කරන්න ඇමතිවරයාට හා ඒ අමාත්‍යාංශයට ඉඩ ලැබිලා තිබෙනවා. එය තමයි අවශ්‍ය වෙන්නේ. ඕනෑම අමාත්‍යාංශයක් ආයතනයක් ඇමතිවරයෙක් රාජ්‍ය නිලධාරියෙකුට තමාගේ වගකීම් ඉෂ්ට කරන්න තෘප්තිමත් මානසිකත්වයක් තුළ යහපත් පරිසරයක් ගොඩනැගෙන්න ඕනෑ. ඒ නිදහස තිබෙන්නට ඕනෑ. ඒ නිසා ප්‍රධාන වශයෙන් සඳහන් කරන්නට ඕනෑ. සෞඛ්‍ය ඇමතිවරයාට වගේම මේ ආණ්ඩුවේ සෑම ඇමතිවරයෙකුටම ඒ ආශිර්වාදය මම ලබාදීලා තිබෙනවා තමාගේ විෂය ක්ෂේත්රය තුළ තමාගේ අමාත්‍යාංශයේ නිදහසේ කටයුතු කරන්නට. රාජිත සේනාරත්න ගරු අමාත්‍යතුමා මේ අවුරුදු තුන තුළ සෞඛ්‍ය ක්ෂේත්රයට අවශ්‍ය නායකත්වය ඉතාමත් හොඳින් දුන්නා. එතුමා ඉතාමත්ම හොඳ ප්‍රතිඵල අපේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ නිදහස් සෞඛ්‍ය සේවාව තුළ පෙන්නුම් කරලා තිබෙනවා. ඒ නිසා අපිට ඒ පිළිබඳව බොහෝ සතුටු වෙන්න පුළුවන්මකම තිබෙනවා. ඇතැම් අය අහන මේ ආණ්ඩුව මොනවද කළේ කියන ප්‍රශ්නයට සෞඛ්‍ය අමාත්‍යාංශය විතරක් ගත්තොත් මේ අවුරුදු තුනේ දීලා තිබෙන සහන, වරප්‍රසාද, පහසුකම් කොච්චරද කියලා දීර්ඝ වේලාවක් කතා කරන්න පුළුවන්.
ඇමතිතුමා කතා කළා අද මැති ඇමතිවරු ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ බොහෝ අය ඒ පිළිබඳව කතා කරන බව මම දන්නවා. මම සෞඛ්‍ය ඇමතිවරයා කාලේ පිලිකා රෝගියෙකුට දෙන්න පුළුවන්කම තිබුණු ඉහළම මුදල රුපියල් ලක්ෂ 15 යි. නමුත් අද එය අසීමිතයි. එය සීයක්ද දෙසීයක්ද කියලා කිසිතැනක සීමා වෙන්නේ නැහැ. මම ඒ කාලේ විශාල උත්සාහයක් ගත්තා එය ලක්ෂ 15 කින් වැඩි කර ගන්න. නමුත් අපිට ඒ සඳහා ඉඩකඩ ලැබුණේ නැහැ. සෞඛ්‍ය ක්ෂේත්රයේ මේ සියලූ අංශ ගත් විට ඒ ලබා තිබෙන නිදහසත්, භෞතික සම්පත් වල ප්‍රගතියත් සමග අපි ඉතාමත් සතුටු වෙන්නට ඕනෑ අපිට ඉතාමත් හොඳ වෛද්‍ය සේවයක් තිබෙනවා. හොඳ වෛද්‍යවරුන් ඉන්නවා. අපිට ඉතාමත් හොඳ හෙද සේවාවක් තිබෙනවා. හොද හෙද සේවාවක කාර්යයමණ්ඩල ඉන්නවා. අපිට ඉතාමත් හොඳ පරිපූරක වෛද්‍ය සේවාවක් තිබෙනවා. අපිට ඉතාමත් හොඳ අතුරු වෛද්‍ය සේවාවක් තිබෙනවා. ඔවුන්ගේ දක්ෂකම්, කැපකිරීම්, ගුණාත්මකභාවය, උසස් ප්‍රමිතිය තුළ තමයි සෞඛ්‍ය ඇමතිතුමා සඳහන් කළ ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ලෝකයේ අන්තර්ජාතික වශයෙන් විශාල ගෞරවයක් සහ කීර්තියක් අපේ සෞඛ්‍ය සේවාවට තිබෙන්නේ. ඒ ඉතාමත් දක්ෂ, උගත්, බුද්ධිමත්, පරිණත කාර්යයමණ්ඩලවලට සෞඛ්‍ය ඇමතිතුමා වෛද්‍යවරයෙක් විදියට ඒ අවශ්‍ය නායකත්වය ලබාදෙනවා.
ඒවගේම මා සඳහන් කරන්නට ඕනෑ ප්‍රධාන වශයෙන්ම මේ කාලසීමාව තුළ වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සෞඛ්‍ය ඇමතිතුමා බොහෝම පැහැදිලිව කරුණු රාශියක් සඳහන් කළා අපි ලබන බදාදා 06 වෙනිදා චීන රජයේ පරිත්‍යාගයක් වශයෙන් පොළොන්නරුවේ වැඩ ආරම්භ කරන රුපියල් මිලියන 12,000 ක් රුපියල් කෝටි 1200 ක වකුගඩු ප්‍රතිකාර සඳහා වූ නව රෝහල ඒවගේම වකුගඩු රෝගීන් පිළිබඳව ඒ රෝහලේ වෙනම පර්යේෂණ අංශයක් ඇති වෙනවා. මෙය කාලානුරූපීව මේ යුගය තුළ ලැබුණු විශිෂ්ට පරිත්‍යාගයක්. මම චීන රජයට චීන ජනාධිපතිතුමාට ස්තූතිවන්ත වෙනවා. ඒ සම්බන්ධයෙන් 2015 මම චීනයට ගිය අවස්ථාවේ පළවෙනි නිල සංචාරයේදි ජනාධිපතිවරයා විදියට මම කරන ලද ඉල්ලීමක් අනුව එම ඉල්ලීම ඉෂ්ට කරලා අද ඒ වැඩකටයුතු ආරම්භ කරන්න පුළුවන්කම තිබෙනවා. ඒවගේම මෙහිදී වකුගඩු රෝගීන් පිළිබඳව කතා කිරීමේදී මම කියන්නට ඕනෑ පසුගිය කාලසීමාව තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනිකුත් ආයතන එක්ව ජනාධිපති කාර්ය සාධන බලකාය පුළුල් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා. මම පසුගිය අවුරුද්දේ ඕස්ටේ්රලියාවේ කළ නිල සංචාරයේදී ඕස්ටේ්රලියාවේ තිබෙන ඕස්ටේ්රලියානු න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ ආයතනය නැරඹුවා. ප්‍රධාන වශයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් පරමානු බලශක්තිය යොදා ගන්නා ප්‍රතිකාර සඳහා ඉතාමත් උසස් පර්යේෂණ තිබෙන ආයතනයක්. එහිදී මම ඉල්ලීමක් කළා අපිට මේ සම්බන්ධයෙන් අවශ්‍ය සේවය ලබාදෙන්නැයි කියලා. ඒවගේම අපිට පුළුවන්කම ලැබුණා ඕස්ටේ්රලියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතරේ මේ ආයතනය හරහා කෙරෙන සේවාවන් අපේ රටේ ක්‍රියාත්මක කරන්න. අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්න. එහි ප්‍රතිඵලත් අනාගයේ තිබෙනවා. මේ වනවිට ක්‍රියාත්මක වෙනවා.
අපි ආරම්භ කළා ජාතික වකුගඩු අරමුදලක්. එය ආරම්භ කළේ මම ජනාධිපති පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේදී. මැතිවරණ ව්‍යාපාරයට ලැබුණු මුදල්වලින් එදා අපි වකුගඩු අරමුදලක් ආරම්භ කළා. මම පෝස්ටර් ගැහුවේ නැහැ. කටවුට් ගැහුවේ නැහැ. පෝස්ටර් කටවුට්වලට යන වියදම් තමයි මේ අරමුදල ඇරඹීමට යෙදුවෙ. අපි බලයට පත්වූ පසු එය ජාතික වකුගඩු අරමුදල ලෙස නම් කරලා රජය අනුමත කරලා ඒ කටයුතු කරගෙන යනවා. අනුරාධපුරයේත් මහනුවරත් වකුගඩු රෝගීන්ගේ භාරකරුවන්ට නැවතී සිටීමට ස්ථාන නොමැති නිසා ඔවුන් දැඩි අපහසුතාවයන්ට පත්වෙනවා. ඒ නිසා රෝගීන්ගේ භාරකරුවන්ට නේවාසිකාගාර දෙකක් මේ වනවිට ඉදිකරගෙන යනවා. සම්පූර්ණ පහසුකම් ඇතිව. අපි ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍ර ලබාදිලා තිබෙනවා. නාවික හමුදාවේ ක්‍රියාකාරීත්වය තුළ ඒ සේවාවන් සකස් වෙනවා. පරිත්‍යාගශීලීන් අපට ආධාර කරනවා. වකුගඩු රෝගීන් සම්බන්ධයෙන් රජය මේ වනවිට ගෙන යන ජාතික වැඩසටහන ඔස්සේ ප්‍රතිකාර, නිවාරණය සම්බන්ධයෙන් කරුණු කාරණා රාශියක් අපිට ඉටුකරන්න හැකිවෙලා තියෙනවා. ඒ පිළිබදව මා ඉතාමත් සතුටු වෙනවා.
මත්ද්‍රව්‍ය පිළිබද ජාතික වැඩසටහන පිළිබදව කතා කිරීමේදී මත්ද්‍රව්‍ය පිළිබද ජාතික ප්‍රතිපත්තිය තුළ මත්ද්‍රව්‍ය සහ නිවාරණය සම්බන්ධයෙන් පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. මීට අමාත්‍යාංශ, පළාත් සභා. රාජ්‍ය ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, රාජ්‍ය නොවන ආයතන ආදි අංශ වල විශාල සහයෝගයක් ලැබෙනවා. ඒ නිසයි සෞඛ්‍ය ඇමතිතුමා සදහන් කළ ආකාරයට මේ කාලය තුළ රටේ දුම්බීම විශාල වශයෙන් අඩුකර ගැනීමට අපට හැකිවී තිබෙන්නේ. නාටා ආයතනයේ වැඩපිලිවෙලත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙලත් සමග අපි ජාතික මත්ද්‍රව්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සදහා බැදී සිටිනවා. අයවැය යෝජනා මගින් ඉදිරිපත් කළ බියර්, සම්බන්ධයෙන් සහන දීම සුදුසු වන්නේ නැති බව මා ඉතා පැහැදිළිව සදහන් කිරීමට කැමතියි. ඒවාට ඇබ්බැහි වීමෙන් ජනතාව වැළැක්විය යුතුයි. රජයක් විදියට ආදායම් ලබා ගැනීමේදී රාජ්‍ය ආදායම වර්ධනය කිරීමට මත්පැන්, සිගරට් වලින් එන ආදායම් කිසිසේත්ම බලාපොරොත්තු නොවිය යුතුයි කියන පැහැදිලි ප්‍රතිපත්තිය මත පිහිටිය යුතුයි. ඒ වගේම විදේශවලින් ගෙනෙන සිගරට් සම්බන්ධයෙන් කිසිසේත්ම අපට එකගවෙන්න බැහැ. එය සුදුසු දෙයක් නොවෙයි. සෞඛ්‍ය ඇමතිතුමා සදහන් කළ ආකාරයට ලෝක සෞඛ්‍ය සංවිධානය මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් අපිට ලැබී තිබෙන සම්මාන ගෙවී ගිය වසර දෙකක තුනක කාලය ලෝකයේ කිසිම රටකට ලැබී නැහැ. එහෙම ලැබී තිබෙන්නේ අපේ ප්‍රතිපත්තියේ තිබෙන ගුණාත්මකභාවය නිසයි. ඒ වගේම දේශීය වෛද්‍ය ක්ෂේත්රය සම්බන්ධයෙන් ගෙවී ගිය වසර තුනේ සෞඛ්‍ය ඇමතිතුමා විශාල වැඩ කොටසක් කළා. අපේ ආයුර්වේදය නොසලකා හරිමින් තිබුණේ. දේශීය වෙදකමට අඩු පහසුකම් තිබුණේ. එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා තමයි දේශීය වෛද්‍ය ක්‍රමය නගාසිටුවීමට මූලිකත්වයක් දුන්නේ. දේශීයත්වයට ගරු කිරීමේ ප්‍රතිපත්තිය තුළ අපේ අයිතියක් විදියට. වර්තමාන රජය තුළත් ඒ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කෙරෙනවා.
අග්රාමාත්යතුමත් අමාත්‍ය මණ්ඩලයත් නිදහස් සෞඛ්‍ය සේවාව, නිදහස් අධ්‍යාපනය, කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමට කටයුතු කරනවා. මේ ආණ්ඩුව දුප්පත් ජනතාවගේ හෘද ස්පන්ධනය තේරුම්ගෙන කටයුතු කරන ආණ්ඩුවක්. රජයක් විදියට පොදු ජනතාව කියන වචනය භාවිතා කරනවා වගේම ප්‍රමුඛතාවය දිය යුත්තේ දුගී ජනතාවට. 2017 වසර දුගී බවින් නිදහස් වීමේ වර්ෂය විදියට අපි නම් කළා. 2018 වසර නම්කර තිබෙන්නේ දේශීය ආහාර නිෂ්පාදන වර්ෂය විදියට. අපි රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී රටේ සියලූ අංශවල සංවර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමේදී මූලිකම ඉලක්ක වන්නේ දුප්පතුන්. ඔවුන්ගේ හෘද ස්පන්ධනය තේරුම්ගත් රජයක් විදියට ඔවුන්ට සියලූ සුබසාධන කටයුතු, පහසුකම් ලබාදීමයි අපේ අරමුණ.
සංවර්ධනය කියන්නේ භෞතික සම්පත්වල දියුණුව පමණක් නොවෙයි. සංවර්ධනය සඳහා මිනිසුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයක් සිදුවිය යුතුයි. ඒ නිසා අපි රජයක් විදියට මේ සම්බන්ධයෙන් කළ හැකි කළ යුතු දේ ඉටුකරන බවට ප්‍රකාශ කරමින් අමාත්‍ය මංගල සමරවීර ඇමතිතුමා ඉදිරිපත් කළ 2018 අයවැය යෝජනා මා ඉතාමත් අගය කරමින් අපි බලාපොරොත්තු වන ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට කැපවීමෙන් කටයුතු කරමුයි යන ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා”.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]