ප්‍රමුඛ පුවත 1

ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකුට ලක්ෂ 10ක වන්දියක්

(UTV|කොළඹ)  – ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි මුදලක් රජය පිරිනමන බවත් ඉන් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂය බැගින් දැනටමත් ලබාදී ඇති බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයේ මියගිය ධීවරයන් අට දෙනාගේ නිවෙස්වලට ගොස් රුපියල් ලක්ෂය බැගින් අට ලක්ෂයක මුදලක් ඔවුන්ගේ ඥාතීන් වෙත ප්‍රදානය කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
මේ අතර ගාල්ල ඇතුළු ආපදාවට ලක්වූ සියලු දිස්ත්‍රික්කයන්හි පීඩාවට පත් ජනතාවගේ නිවාස ඇතුළු දේපළ සඳහා වන්දි ප්‍රදානය දැනටමත් ආරම්භ කර ඇති අතර හානිය තක්සේරුකර නිශ්චිත වන්දි මුදල් ලබාදෙන තුරු හදිසි අවශ්‍යතා වෙනුවෙන් රුපියල් 10,000ක් දක්වා අත්තිකාරම් මුදලක් මේ අනුව ලබා ගැනීමේ අවස්ථාව පීඩාවට පත් ජනතාවට හිමිකර දී ඇත.
මෙතෙක් තමන්ට සිදුවූ හානිය පිළිබඳ තමන් පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට හෝ වෙනත් ක්ෂේත්‍ර නිලධාරීවරයකුට හෝ දැනුම් දී නොමැතිනම් කඩිනමින් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස් මහතා පවසයි.
එසේ ක්ෂේත්‍ර නිලධාරීන්ට දැනුම් දීමේ යම් අපහසුවක් ඇත්නම් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ස්ථාපිත කර ඇති 1902 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ද දන්වා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ෆුල් ෆේස් හිස්ආවරණ ගැටලුවට ඇමති සාගලගෙන් සහනදායී විසදුමක්

Mohamed Dilsad

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

අලි කුලප්පුවෙන් 31ක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment