ප්‍රමුඛ පුවත 1

ජීවන වියදම අඩු කිරීමට සහල් හා පොල් පිටරටින්

(UTV|කොළඹ)  – ජීවන වියදම අඩු කිරීම පිණිස කෙටි කාලීන ක්‍රියාමාර්ගයක් වශයෙන් සහල් සහ පොල් ආනයනය කිරීම සඳහා සතොසට හා පෞද්ගලික අංශයට පහසුකම් සැපැයීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

මේ අනුව මහා භාණ්ඩාගාරයේ මෙහෙයවීම හා අධීක්ෂණය යටතේ සහල් ආනයනය කිරීමට ඕනෑම පෞද්ගලික ආයතනයකට හෝ සතොස ආයතනයකට රජය පහසුකම් සලසනු ඇත.

එසේම පොල් ආශ්‍රීත කර්මාන්ත සඳහා අවශ්‍ය කොප්පරා හා සාමාන්‍ය පරිභෝජනය සඳහා අවශ්‍ය පොල් ගෙඩි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ආනයනය කරනු ලැබේ.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය නිසා කන්න කිහිපයක වගා කටයුතු අඩාල වීමෙන් රටේ ආහාර නිෂ්පාදනය සැලැකිය යුතු ලෙස අඩු වී ඇති අතර ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාමට එය හේතු වී ඇතැයි ඊයේ (5) පැවැති කැබිනට් රැස්වීමේ දී සාකච්ඡා වී ඇත.

විශේෂයෙන්ම සහල්, පොල් සහ එළවළු මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත් වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් අත්‍යවශ්‍ය ආහාර නිෂ්පාදන ප්‍රමාණවත් පරිදි වෙළෙඳපොලට සැපැයීම සඳහා ඉහත සඳහන් ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවැසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

මාධ්‍යවේදින්ට සිදුවන හිරිහැර හා අසාධාරණ දැනුම් දෙන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

සර්ව පාක්ෂික සමුළුව අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

තැපැල් ඡන්ද නිරීක්ෂකයින් 1000ක්

Mohamed Dilsad

Leave a Comment